දශක ගණනාවක් පුරා කලාපීය ගැටුම්වලින් බැහැරව සිටි කටාර් රාජ්‍යය, සිය ගුවන් තොටුපළ ඉලක්ක කර ගනිමින් පැමිණි ඉරාන ඩ්‍රෝන යානා ප්‍රහාරක යානා යොදවා විනාශ කිරීමට පියවර ගෙන තිබේ. කටාර් විදේශ අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම අත්තනෝමතික ප්‍රහාරය හේතුවෙන් ඉරානයට දැඩි වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවයි. ඉරානය සමඟ සමීප සබඳතා පැවැත්වූ කටාර් රාජ්‍යය මෙලෙස හදිසියේම සිය ගුවන් හමුදාව මෙහෙයවීම සහ ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කිරීම මැදපෙරදිග දේශපාලන සමීකරණ උඩුයටිකුරු කළ සිදුවීමක් ලෙස සැලකේ. යෙඩියොට් (Yediot) පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම ප්‍රහාරයත් සමඟ කලාපයේ පවතින යුද ගින්න තවත් තීරණාත්මක මාවතකට අවතීර්ණ වී ඇත.














