කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් කාර්මික කලාපයේ පිහිටි ප්‍රධාන ස්වභාවික ගෑස් අපනයන පර්යන්තයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 54 දෙනෙකු තුවාල ලබා ඇති අතර, තවත් 18 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුද සමයේදී ඉරානය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් පසුව, මෙම පර්යන්තයේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට සේවකයින් උත්සාහ කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම හේතුවෙන් මීට පෙර කටාර් රාජ්‍යයට සිය අපනයන කටයුතු අත්හිටුවීමට සිදුවිය. කෙසේ වෙතත්, යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා අතරතුර ඉරානය විසින් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමත් සමඟ බර්සාන් ගෑස් සැපයුම් මධ්‍යස්ථානයේ (Barzan gas facility) මෙහෙයුම් නැවත ආරම්භ කර තිබුණි.
බර්සාන් බලාගාරය දිනකට සම්මත ඝන අඩි බිලියන 1.4 ක ගෑස් ධාරිතාවක් සැපයීමේ හැකියාව ඇති මධ්‍යස්ථානයකි. මෙම ගෑස් තොග ප්‍රධාන වශයෙන්ම කටාර් රාජ්‍යයේ දේශීය විදුලි උත්පාදනය සඳහාත්, කාන්තාර කලාපවල පිහිටි අත්‍යවශ්‍ය ජල ලවණීකරණ බලාගාර (desalination plants) ක්‍රියාත්මක කිරීමටත් භාවිතා කරනු ලබයි.විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙම පිපිරීම හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළ තුළ නැවතත් අර්බුදකාරී තත්ත්වයක් ඇති විය හැකි බවයි.
















