• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් විදෙස්

කාන්තාරකරණයට එරෙහිව පෙළගැසෙමු!

17 June 2018
in විදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජුනි 17 දිනට යෙදෙන කාන්තාරකරණය වැළැක්වීම උදෙසා ජාත්‍යන්තර දිනය සැබෑ අර්ථයෙන් සැමරිය යුතු බව ජීවයේ අයිතියේ සංගමය පවසයි.

එම සංගමයේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ පරිසර විනාශයට එරෙහිව පෙළගැසෙන ලෙසත් පරිසරය සුරකීම වෙනුවෙන් පෙරට එන ලෙසත් සමස්ත ශ‍්‍රී ලංකේය ජනතාවගෙන් ජීවයේ අයිතිය සංවිධානය ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටි.

ජීවයේ අයිතියේ සංගමය මාධ්‍ය වෙත නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහත පරිදි වේ.

කාන්තාරකරණයට එරෙහිව පෙළගැසෙමු!

සෑම වසරකම ජූනි 05වන දින ජාත්‍යන්තර පරිසර දිනය ලෙස නම් කොට ලෝක ප‍්‍රජාවම එදිනට පරිසරය ආරක්ෂා කිරිම වෙනුවෙනුත් ¥ෂණය වැලැක්වීම වෙනුවෙනුත් පැළ සිටුවීමේ සිට විවිධ ව්‍යාපෘති සිදු කරනු ලබයි. මාර්තු 22 ලෝක ජල දිනයයි. අද (17) දිනට යෙදෙනුයේ කාන්තාරකරණය වැළැක්වීම උදෙසා ජාත්‍යන්තර දිනයයි. අප රටද ඒ වෙනුවෙන් රුක්රෝපණ වැඩසටහනක් සූදානම් කොට ඇති බව තොරතුරු සැල වේ.

වසරේ දින 365න් දින 04ක් 05ක් පරිසරය සුරක්ෂිත කිරීම උදෙසා නම් කොට විශාල ලෙස මුදල් වැය කොට සැමරුම් සිදුකරන අප රට ඇතුළු ලෝකයේ බොහෝ රටවල් ඉතිරි දින තුන්සිය ගණනම පරිසර හානියට අදාළ ප‍්‍රතිපත්ති හා සැලසුම්, ක‍්‍රියාමාර්ග අනුගමණය කරමින් දායක වීම හාස්‍යයට මෙන්ම කණගාටුවට කරුණක් බව කිවයුතුය.
සැබෑ ප‍්‍රාග්ධනය වූ සොභාදහම මූල්‍ය ප‍්‍රාග්ධනයට යටකොට මූල්‍යම ලාභය සෙවීම උදෙසාත් දේපළ වස්තුව රැුස්කරගැනීම උදෙසාත් හඹායන මේ ධනේෂ්වර සමාජ ක‍්‍රමය විසින් සැබෑ ප‍්‍රාග්ධනය වූ ස්වභාදහම වනසා දමන බව බුද්ධිමත් ජනතාව තේරුම් ගතයුතුව ඇත. පරිසරයට කරන මේ අතවර හා විනාශයන් හේතුවෙන් ලෝකයේම ජනතාව බරපතළ වන්දිගෙවීමකට සහ අර්බුදවලට මුහුණදී සිටියි.

පාරිසරික විනාශයන් හේතුවෙන් ආර්ථික හා සාමාජීය අර්බුද උපද්දවන අතර ඒවා දේශපාලන අර්බුද දක්වාද වර්ධනය වෙමින් තිබේ. ඒ හේතුවෙන්ම අද ලෝකයම බරපතල දේශගුණික විපර්යාසයන්වලට ලක්ව ඇති අතර මෙම ධනේෂ්වර ක‍්‍රමය හේතුවෙන් අතවරයට හා විනාශයට ලක්වූ පරිසරය සමස්ත ජීවීන්ටම අනිටු ප‍්‍රතිවිපාක ගෙනදෙමින් තිබේ. සංවර්ධනය යැයි කියනු ලබන ලේබලය ඔස්සේ කළ ව්‍යාපෘති හේතුවෙන් සංවර්ධනයේ අනාථයන් බිහිකොට ඇති අතර පාරිසරික ව්‍යසනයන්ගෙන් ආපදාවට ලක්වූ ජනතාව බිලියන ගණනකි.

විටක නිය`ගයත්, තවත් විටෙක ගංවතුරත්, තවත් විටෙක නායයාමත් රටවල් මුහුද තුළ ගිල්වා දැමීමත් කාන්තාරීකරණයත් ප‍්‍රබල උපද්‍රව අතර වෙයි. මේ සියල්ල ස්වාභාවික විපත් අභිබවා පවති ක‍්‍රමය විසින් දායාද කළ විපත් බව අපගේ පිළිගැනීමයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසරය හා සංවර්ධන කොමිසමට අනුව ලෝකයේ වසරකට හෙක්ටයාර් මිලියන 06ක් කාන්තාරීකරණය වේ. ඔවුන් පවසන පරිදි මෙයට බලපාන ප‍්‍රධානම හේතුව මානව ක‍්‍රියාකාරකම් වේ. කාන්තාරකරණයට බලපාන ප‍්‍රධානම සාධක වන්නේ වන විනාශය, දරිද්‍රතාවය, අධික ජනගහන වර්ධනය, වැරදි සංවර්ධන ව්‍යාපෘති හා විවිධ සමාජ ආර්ථික හේතූන්ය. මේවා පවතින සමාජ ආර්ථික ක‍්‍රමයේ දායාදයන් මිස අන් යමක් නොවන බව ජනතාව වටහා ගත යුතුය.

මෙතෙක් අප රටට කාන්තාර උරුම නොවුනත් දිනෙන් දින සිදුකරන කාන්තාර එළිකිරීම් නැවැත්විය නොහැකි වුවහොත් අප රට තුළද කාන්තාර බිහිවීම වැළැක්විය නොහැකිවනු ඇත. වානාන්තර ඉවත් කිරීමත් ගොවිතැන් කටයුතු සඳහා භාවිතා කළ ඉඩම් විවිධ හේතූන් මත අත්හැරදැමීමත් කාන්තාරීකරණයේ මූලික ලක්ෂණ බව හඳුනාගෙන තිබේ. අප රටේ වර්ග කිලෝමීටර් 610ක් වන සමස්ත භූමියෙන් මේ වනවිට ඉතිරිව ඇත්තේ 16%ක් වන වනවැස්මක් පමණි.

කෙසේ වෙතත් අධික වියදමක් දරා උත්සවාකාරයෙන් සිටුවන පැළ අතරින් බොහෝමයක් නඩත්තුව අතහැර දැමීම සහ අනාරක්ෂාව හේතුවෙන් සතියකින් දෙකකින් මියයෑම කණගාටුවට කරුණකි. මේ ආකාරයෙන් පසුගිය වසර ගණනාවක් පුරා විවිධ උත්සව පවත්වමින් කෝටි ගණනින් ජනතා මුදල් වැය කොට රෝපණය කරන ලද පැළ වර්ධනය වූයේ නම් ලාංකේය භූමිය තුළ වන වැස්මෙන් 16%ක් පමණක් ඉතිරි වන්නේ කෙසේද?

අධිරාජ්‍යවාදීන් විසින් මධ්‍යම කඳුකරයේ ඇති කළ ආර්ථික වැවිලි භෝග අද වනවිට මරණාසන්න බවට පත්ව තිබේ. රක්ෂිත වනාන්තර වේගයෙන් ක්ෂයවෙමින් තිබෙන අතර වනජීවීන් ගම් නගර ආක‍්‍රමණය කරමින් තිබේ. වනසතුන් සහ මිනිසුන් අතර ගැටුම් නිර්මාණයවී තිබේ. වටිනාම පාරිසරික වස්තුවක් වන මධ්‍යම කඳුකර භූමියේ සාරවත් පස ගංගාවන්හි පතුල් පුරවමින්, වැව් ගොඩකරමින්, ගංවතුරින් මිනිස් ජීවිත සහ දේපළ විනාශ කරමින් මුහුදට ගලාගෙන යමින් තිබේ.

හායනයට ලක්වෙමින් තිබෙන මෙවන් බිමක් කාන්තාරකරණයේ මූලික ලක්ෂණ පෙන්වයි. අප රටද විටක දැඩි නිය`ගයටත්, ගංවතුර ගැලීම්වලටත්, නායයෑම්වලටත් ගොදුරුවන අතර තවත් විටෙක දැඩි උෂ්ණත්වයකටද මුහුණ දෙමින් සිටියි. එමෙන්ම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කෘෂිකාර්මික මෙන්ම සෞඛ්‍යමය ගැටළුවලට ගොදුරුවන බවද සියලූ දෙනා දන්නා කරුණකි.

1998 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර කොමිසමේ අත්සන් කරණු ලැබූ කාන්තාරකරණය වැළැක්වීමේ සම්මුතියටද ශ‍්‍රී ලංකාව අත්සන් කොට තිබේ. ජාත්‍යන්තර පාරිසරික සම්මුතීන් අනුවත් සාමාන්‍ය ජනතාව දෛනිකව මුහුණ දෙන ව්‍යසනයන් හමුවේත් අපේ රට කාන්තාරයක් වීමේ අනතුරකට ගොදුරුවී ඇති බව තේරුම් ගැනීමට බහුශ‍්‍රැත දැනුමක් අවශ්‍ය නොවන බව අපගේ හැඟීමයි. එවැනි ව්‍යසනයකින් රට ගලවාගැනීමට නම් රටේ ආර්ථික සමාජීය හා සංස්කෘතිකමය වෙනස්කම් සිදුවිය යුතුය. ඒ සඳහා ප‍්‍රතිපත්ති සැලසුම් සකස්විය යුතුය. ලාබය මත පමණක් රදාපවතිමින් ක‍්‍රියත්මක වන ධනවාදී පාලන ක‍්‍රමයෙන් පරිසරයත් මානව ප‍්‍රජාවත් නිදහස්කර ගැනීමෙන් තොරව මේ ගැටලූවලට විසඳුමක් නැති බව අපගේ විෂ්වාසයයි. ජුනි 17 දිනට යෙදෙන කාන්තාරකරණය වැළැක්වීම උදෙසා ජාත්‍යන්තර දිනය සැබෑ අර්ථයෙන් සැමරිය යුතු බව පාලකයින්ට අවධාරණය කරන අප, පරිසර විනාශයට එරෙහිව පෙළගැසෙන ලෙසත් පරිසරය සුරකීම වෙනුවෙන් පෙරට එන ලෙසත් සමස්ත ශ‍්‍රී ලංකේය ජනතාවගෙන් ජීවයේ අයිතිය සංවිධානය ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටියි.

සමන්ත විද්‍යාරත්න,
කැඳවුම්කරු (ජීවයේ අයිතියේ)
ඌව පළාත් සභා මන්ත‍්‍රී

Post Views: 2
Previous Post

වන සතුන්ගෙන් බෝගවලට සිදුවන හානියට පිළියම්

Next Post

මාෆියාව හරිම දරුණුයි

editor

editor

Next Post

මාෆියාව හරිම දරුණුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved