හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර් මහතා රචනා කළ “මම අකමැති වූ ජේ.ආර්.” කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු සහ ජාත්‍යන්තර මාධ්‍ය ආධාර (IMS) ආසියානු කලාපීය උපදේශක ආචාර්ය රංග කලන්සූරිය මහතා සුවිශේෂී ප්‍රකාශයක් සිදුකර තිබෙනවා
ඔහු පෙන්වා දෙන්නේ 1980 දශකයේදී අභාවප්‍රාප්ත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ඝාතනය කළ යුතු බවට පෝස්ටර් ඇලවූ පිරිස් අද වන විට වසරකට වැඩි කාලයක් මෙරට බලයේ සිටියද ජේ.ආර්. ගෙන ආ ආර්ථික හෝ දේශපාලනික ප්‍රතිපත්ති වෙනස් කිරීමට ඔවුන් අසමත් වී ඇති බවයි. මැතිවරණ ප්‍රකාශන මඟින් පොරොන්දු වූ පරිදි ක්‍රමවේදයේ වෙනසක් (System Change) කිරීමට වත්මන් පාලකයන් අපොහොසත් වී ඇති බව ද හෙතෙම සඳහන් කළා
ජේ.ආර්. ජයවර්ධන මහතාට එදා උපායමාර්ගික දේශපාලන දැක්මක් තිබූ බවත් අද වන තුරුත් අපට එම දැක්මෙන් ඔබ්බට යාමට නොහැකි වී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා. එදා ජේ.ආර්. ගේ අනුප්‍රාප්තිකයන් වීමට අවම වශයෙන් පස් දෙනෙකු හෝ තරඟ වැදුණද වර්තමානය වන විට දේශපාලන නායකත්වය සඳහා එවැනි විභවයක් සහිත අනුප්‍රාප්තිකයන් නොමැති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. මෙම අවස්ථාවට එක්වූ තරුණ දේශපාලනඥයෙකු වන රෙහාන් ජයවික්‍රම මහතා ද අදහස් දක්වමින් කියා සිටියේ තරුණ පරපුරට නායකත්වයට ඒම සඳහා අවකාශය සැලසිය යුතු බවයි














