අද වන විට රට පාලනය කරමින් සිටින්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ නායකයින් දෙදෙනෙකු බවත් ජනාධිපතිවරයාට ජනතාව ගෙදර යන ලෙස බල කරන බවත් අගමැතිවරයා පසුගිය මහමැතිවරණයෙන් ගෙදර යැවු අයෙකු බව ජාතික ජන බලවේගයේ නායක/පාර්ලිමෙන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.
ඒ මහතා මෙම කරුණු අනාවරණය කළේ ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් සමුලුවට පසුගිය 21 වනදා පස්වරුවේ දි එක්වෙමිනි.එම සමුලුව මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
වත්මන් ආණ්ඩුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරවිර,දුමින්ද දිසානායක,ලසන්ත අලගියවන්න,චාමර සම්පත් දසනායක යන මන්ත්‍රිවරුන් සදුදා දිනයේදි අමාත්‍යධුර බාර ගන්නා බවට තොරතුරු ලැබි ඇති බවද හෙතෙම පැවසිය.
එහිදි අදහස් දක්වමින් අනුර දිසානායත මහතා මෙසේ කියා සිටියේය ” වත්මන් රජයේ අගමැති ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතාගේ පණ රදා පවතින්නේ බැසිල් රාජපක්ෂ මහතා ළග බවත් ජනතාව ආරක්ෂා කිරිම වෙනුවට රාජපක්ෂ පවුල ආරක්ෂා කිරිම සදහා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරය සදහා පත් කළ බවත් අද රට පාලනය කරන්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ නායකයින් දෙදනෙක් බවත් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාට ජනතාව ගෙදර යන ලෙස බල කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මහ මැතිවරණයෙන් ගෙදර යැවු අයෙක් බවත් ජනතාව බලාපොරොත්තු වන දෙයක් මින් දෙදෙනාට සිදු කළ නොහැකි බවත් වත්මන් රජයේ බහුතාරය ලබා ගැනිම සදහා මන්ත්‍රිවරුන් එකතු කරමින් සිටින පරණ මජර දේශපානය නැවත සිදු කරන බවයි. අද වන විට සිියට 40ක් ආදයම් උපයන විට රුපියල් සියයක් වියදම් කරන තැනිට රට වැටිලා.අපට ආදායම් ලෙම ලැබෙන ඩොලර් ප්‍රමාණය මදි භාණ්ඩ ආනයනය කිරිම සදහා මුදල් අවශ්‍යයි.නමුත් ඩොලර් නැහැ.එහි අවසන් ප්රථීඵලාය වි ඇත්තේ පුරවැසින් සදහා භාණ්ඩ පහසුමිලට ගැනිමේ නැතිවෙලා.අද වන විට විශෘල ආර්ථික අර්බුද රැසකට අපි මුහුණදිලා ඉන්නේ.විශාල ලෙස ඉන්ධන පෝලිම් ඒ වගේම කුඩා දරුවන්ට මෙන් අන් අයටත් කිරිපිටි නැතිවෙලා.එදා මේ ආණ්ඩුව ගන්න විට ග්රැම් 400 කිරිපිටි පැකට් එකක් රුපියල් 380ට තිබ්බේ අද වන විට එය රුපියල් 1020 දක්වා වැඩිවෙලා.ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් සපුරා ගැනිමට නොහැකි තත්වයක් ඇති වෙලා තියෙන්නේ.රට ආර්ථීක අගාධයකට පත් කරලා තියෙන්නේඑයට විරුද්ධව ජනතාව නැගි සිටියා.අපි දැක්කා මාතලේ නගරයේ ජනතාව විශෘල පිරිසක් එකතුවෙලා මේ ආණ්ඩුව පාලකයින් ගෙදර යන තැනට පත් කරන්න විරෝධය පළ කළා.බඩු මිල අහස උසට නැගලා.දරුවන්ට පාඩම් කරන්න බැරි තත්වයක් උදාවෙලා.විදුලි අර්බුදය දරාගන්න බැහැ.මේ සදහා විසදුම් තාම නැහැ.ගෑස් නොමැතිව දැන් මාස 3-4ක් වෙනවා.තාම විසදුමක් නැහැ.අපේ රටේ තට්ටු නිවාසවල ජිවත්ව පිරිස් විශාල ලෙස ගෑස් සහ විදුලි නොමැතිකමින් අර්බුද රැසකට ලක්වෙලා.ඉන්නේ.ඔවුන් විශාල පිඩනයක මේ ඉන්නේ.නමුත් පසුගිය කාලයේ හිටිය මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කිව්වේ කිසිදු අර්බුදයක් නැහැ කියලා.ඒ වගේම කබ්රාල් ඒ වචනෙම කිව්වා.ඒ වගේම තේ බාරව හිටිය ගාමිණි ලොකුගේ අමාත්‍යවරයාත් කිව්වේ ඒ ටිකකමයි.තෙල් බාන්න බැරිව ආපසු රැගෙන යන බවත් කියා.ජනතාවගේ ඉල්ලිම් මේ පාලකයින් විසින් හාෂ්‍යට ලක් කලා.මේ පෝලිම් යුගය නිසා පුද්ගලියන් 09 දෙනෙකු ජිවතක්සයට පත් වුණෘ.ජනතාවගේ ඒ වේදනාව පිට කළේ ගොඨා ගෝ කියලා.පසුව මහින්ද රාජපක්ෂටත් ගෙදර යන්න කිව්වා.ගොඨා ගෙදර යන එක වෙන විකල්පයක් නැහැ.දැන් අලුත් අගමැති කෙනෙක් පත් කළා.නමුත් පසුගිය මහ මැතිවරණයෙන් ගෙදර යවපු රනිල් වික්‍රමසිංහ මහත්තයා අද අගමැති වශයෙන් පත් කරලා තියනවා.නමුත් ඔහුටද මේ ප්රශ්නය විසදිය නොහැකියි.පසුගිය ජනාධිපතිවරණයෙද් 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ 2015-/19 කාලයේ ආණ්ඩුව නිසි දෙයක් කළේ නැති නිසා.රට විශෘල ණය කන්දක පටලලා තියෙන්නේ.රටේ ආර්ඛිතය විනාශ කළා පමණක් නොවේ.රටේ ආරක්ෂාවද ප්‍රශ්නයක් තිබ්බා.විශේෂයෙන් පාස්කු ප්‍රහාරය සිදු වුණෘ.එදා ඒ ආණ්ඩුවේ නායකයින් දෙදෙනා විරසක වෙලා මේ තත්වය ඇති කළා.ජනතාව ආරක්ෂා කරන්න කියලා රනිල් වික්‍රමසිංහ අද රටේ අගමැති වෙලා තියනවා.නමුන් එයා රාජපක්ෂ පවුල ආරක්ෂා කරන්නයි.මේ ආවේ.පවුලක් රකින වැඩේ ඒයා නිසි ආකාරව කරවා.අපට බාර දෙන්න කිවා.අපි කොන්දේසිවලට ලක් කරලා.තමයි වැඩේ කළේ නමුත් රනිල්ට එහෙම කොන්දේසි නැහැ.රනිල්ගේ පණ තියෙන්නේ බැසිල් රාජපක්ෂ ළග.පොහොට්ටුවේ සිටින මන්ත්‍රිවරුන්ගේ එකගතාවය මත තමා මේ ආණ්ඩුව කරන්නේ.ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහය දෙනවා කියනකොට හොරොන් ගිහින් නිමල් සිරිපාල ඇමතිකමක් ගත්තා.සදුදා වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් ආණ්ඩුවේ ඇමතිකම් ගන්න බවට අපට තොරතුරු ලැබිලා තියනවා.මේ ආණ්ඩුව දැන් කරන්නේ බංකරේ ඉදන්.දේශපාලන අර්බුදයක් ඇතිවෙලා තියෙන්නේ.මේ ආණ්ඩුවේ නියම ජනමතය නියෝජනය කරන්නේ නැහැ.හැමදාම සිදු කළ සෙල්ලම් මේ කරන්නේ.රට ස්ථාවර කරන්න නම් මහා මැතිවරණයක් පැවැත්විය යුතුයි.20 ගෙනත් මේ ආණ්ඩුව බලතල වැඩ කර ගත්තා.3/2 බලයක් තිබුණා.දැන් එය නැත්තට නැතිවෙලා තියෙන්නේ.මේ පාපනය රටේ ජනතාව පිළීගන්නේ නැහැ.ඒ නිසා අපි යෝජනා කළේ මහානායක හාමුදුුවන් නිතිඥ සංගමය වැනි සංවිධාන කිවේ මාස හයකින් මහ මැතිවරණයක් තියන්න අන්තර්වාර පාලනය ක්‍රමයක් ස්ථාපනය කරන්න කියලා.නමුත් පැලැන්තිය රකින්න රනිල් වික්‍රමසිංහ මේ සියල්ල නැති කලා.කොන්දේසි දාලා තියෙන්නේ රනිල්ට මේ විදිහ කරන්න කියලා.අපි ඉල්ලා සිටින්නේ ජනතාවාදි පාලනයක් සදහා ජනතාව පෙළ ගැසිය යුති බවද දිසානායක මහතා පැවසිය.
මෙම සමුලුව සදහා ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක ගමගෙදර දිසානායක මහතා ඇතුලු විශාල පිරිසක් එක්වි සිටියහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න