• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෝප් කමිටුවේ නව සභාපති ලෙස රන්ජිත් බණ්ඩාර වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි

24 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා වැඩි ඡන්දයෙන් නැවත තේරි පත්විය.

ඒ මහතා තේරී පත්වූයේ නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහායි. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ (23) පැවැත්විණි.

මන්ත්‍රී රන්ජිත් බණ්ඩාර මහතාගේ නම රාජ්‍ය අමාත්‍ය ජගත් ප්‍රෂ්පකුමාර මහතා විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ස්ථිර කරන ලදී.

එසේම කෝප් කමිටුවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු රවුෆ් හකීම් මහතා විසින් ස්ථිර කරන ලදී. එහිදී පැවති ඡන්ද විමසීමේදී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතාට පක්ෂව ඡන්ද 17 ක් ලැබුණු අතර ගරු එරාන් වික්‍රමරත්න මහතාට පක්ෂව ඡන්ද 06 ක් හිමිවිය.

කමිටුව අමතමින් නව කෝප් සභාපතිවරයා කියා සිටියේ කමිටුවේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා සියලූ සාමාජිකයින්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි. පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට පෙර කාරක සභාවේ පැවති කටයුතු අඛණ්ඩව සිදු විය යුතු බවට කාරක සභාවේ සාමාජිකයින්ගේ එකඟතාව පළවූ බවත් කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය. තවද, කෝප් නිර්දේශවලට නීත්‍යනුකූලබවක් ලබා දීම සම්බන්ධයෙන් කථානායකවරයා සහ නීතිපතිවරයා සමග සාකච්ඡාවක් සංවිධානය කරන ලෙසටද කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ, ඉන්දික අනුරුද්ධ හේරත්, ඩී.වී. චානක, ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, රෝහිත අබේගුණවර්ධන, එරාන් වික්‍රමරත්න, නිමල් ලාන්සා, එස්.එම්. එම්. මුෂාරෆ්, නලින් බණ්ඩාර ජයමහ. චමින්ද විජේසිරි, සංජීව එදිරිමාන්න. ජගත් කුමාර සුමිත්‍රආරච්චි, (මේජර්) සුදර්ශන දෙනිපිටිය, ප්‍රේම්නාත් සී. දොලවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රාමේෂ්වරන්, ශානක්කියන් රාසමානික්කම්, රාජිකා වික්‍රමසිංහ, මධුර විතානගේ සහ (මහාචාර්ය) චරිත හේරත් යන මහත්වරු මෙම රැස්වීමට සහභාගි වූහ.

 

Post Views: 5
Previous Post

රජයේ මුදල් පිළිබද කාරක සභාව සභාපති මයන්ත ප්‍රථම වරට රැස්වෙයි

Next Post

ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරනවා – ජනපති

editor

editor

Next Post

ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved