අද (28) හිරු බැස යාමෙන් පසු සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 6ක් එකවර දැකගත හැකි සුවිශේෂී අවස්ථාවක් උදාවන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි. බටහිර අහසේ බුධ, සිකුරු, සෙනසුරු සහ නෙප්චූන් යන ග්‍රහලෝකද, අහසේ ඉහළින් බ්‍රහස්පති සහ යුරේනස් යන ග්‍රහලෝකද නිරීක්ෂණය කළ හැකි බව ඔහු සඳහන් කළේය.
මෙහිදී බුධ, සිකුරු, සෙනසුරු සහ බ්‍රහස්පති යන ග්‍රහලෝක පියවි ඇසින් බලාගත හැකි අතර, යුරේනස් සහ නෙප්චූන් දැකගැනීම සඳහා දුරේක්ෂයක් භාවිත කිරීමට සිදුවන බව විද්‍යාඥයා වැඩිදුරටත් පැවසීය. ග්‍රහලෝක සියල්ල සූර්යා වටේ එක තලයක පිහිටන විට මෙලෙස නිරීක්ෂණය කළ හැකි වන අතර, මෙය වසර ගණනාවකට වරක් දැකගත හැකි දුර්ලබ අවස්ථාවකි.














