රත්නපුර කරවිට මාර්ගයේ පිහිටි පෞද්ගලික වෙළඳසැලක අද (30) දින හදිසි ගින්නක් හටගෙන ඇති අතර, එය පාලනය කිරීම සඳහා යුද හමුදා භට පිරිස් සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබේ. 11 වන බලඇණිය සහ හේවා බලකායේ භට පිරිස් වහාම ක්‍රියාත්මක වී ගින්න නිවීමේ කටයුතුවලට එක්වූ අතර, රත්නපුර පොලිස් නිලධාරීන්, රත්නපුර ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන්ගේ ඒකාබද්ධ මැදිහත්වීම මත ගින්න තවදුරටත් පැතිරයාම වැළැක්වීමට හැකි විය. මූලික පරීක්ෂණවලට අනුව විදුලි දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට සැක කෙරේ.
ගින්න හේතුවෙන් වෙළඳසැලේ දේපළවලට යම් හානි සිදුව ඇති නමුත්, කිසිදු පුද්ගල ජීවිත හානියක් වාර්තා වී නොමැත. යුද හමුදාව සහ ගිනි නිවන ඒකකය එක්ව සිදුකළ මෙම කඩිනම් මෙහෙයුම හේතුවෙන් අවට පිහිටි අනෙකුත් වෙළඳසැල් සහ නිවාසවලට ගින්න පැතිරයාමේ අවදානම සම්පූර්ණයෙන්ම මඟහරවා ගැනීමට හැකි වූ බව ප්‍රදේශවාසීහු පවසති. සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














