මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය පෙන්වා දෙමින් වෘත්තීය සමිති ඉල්ලීම් යටපත් කිරීමට රජය උත්සාහ නොකළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
තම වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට මැදපෙරදිග යුද්ධය කිසිසේත්ම බාධාවක් නොවන බවත්, “මැදපෙරදිග යුද්ධ කළේ අපෙන් අහලාද?” යනුවෙන් රජයෙන් ප්‍රශ්න කරන බවත් ඔහු සඳහන් කළේය. රජය හෝ සෞඛ්‍ය ඇමතිවරයා සාධනීය ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවට ඔහු අනතුරු ඇඟවීය.
මෙම සන්ධානය පිහිටුවා ඇත්තේ ආණ්ඩුවට විරුද්ධ වීමට නොව, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා ගැනීමට බව ඔහු අවධාරණය කළේය.
රෝගී ජීවිත අනතුරේ හෙළීමට තම සංගමයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, රජය මැදිහත් වී සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබා දෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවත් කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.













