• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යහපත් රාජ්‍යයක් බවට පත් කිරීමේ වගකීම භාර ගන්න සුදානම් – අනුර කුමාර කියයි

2 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට ගොඩනැගිය යුතු බවත් යහපත් රාජ්‍යයක් බවට පත්කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) කොළඹ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී ඔහු මෙසේ පවසා සිටියේය ” වර්තමාන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමත්, පාර්ලිමේන්තු මැතිවරණයේදී 2/3කට ආසන්න බලයක් ලබාදීමත්, තුළ සැඟවී තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තුළ ගොඩනැගී තිබුණු විශ්වාසය සහ 2015 – 2019 ආණ්ඩුව ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමත් කියන කරුණු දෙක. මේ කරුණු දෙකම වර්තමාන ආණ්ඩුවට ලැබුණු ඡන්ද ප්‍රතිඵලයේ ගැබ්වෙනවා. හැබැයි බලය අරගෙන අවුරුදු 1 1/2කට වැඩි කාලයක් ගත වෙලා. රට ගොඩනගාවි කියන බලාපොරොත්තුවත් සහිතව ඡන්දය දුන් බොහෝ පිරිසක් අද කළකිරීමට, රැවටීමකට භාජනය වීම නිසා, විරෝධයක් එල්ල වී තිබෙනවා. මෑත කාලයේ ඉතා කෙටිකාලයක් තුළ ජනතා අප්‍රසාදයට සහ විරෝධයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලනය ලක්වී තිබෙනවා.

ඔහුගේ පුද්ගලික දුබලතාවයන් රැසක් තිබුණත් මෙය තනිකරම ඔහුගේ පුද්ගලික දුබලතාවයක් නොවේ. දිගු කාලයක් තිස්සේ අනුගමනය කරන ලද ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක්. ජනාධිපතිවරයාගේ කාලය තුළ එය තීව්‍ර කෙරෙනවා පමණයි. මේ විදිහට තවදුරටත් අපේ රටට සහ ජනතාවට අනාගතයක් නැහැ. අපේ රටේ ගැඹුරුතම ආර්ථික අර්බුදය ණය කේන්ද්‍රකර ගත කරමින් නිර්මාණය වී තිබෙනවා. භාණ්ඩාගාරයට ලැබෙන ආදායම් ණය වාරික සහ පොලී ගෙවීමටත් ප්‍රමාණවත් නැහැ. වර්ෂයක් තුළ උපයා ගන්නා ඩොලර් ණය පොලී වාරික ගෙවීමටත් ප්‍රමාණවත් නොවෙන තත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේ නිසා ආණ්ඩුව අධික ලෙස මුදල් මුද්‍රණය කරනවා. වර්තමාන ආණ්ඩුව පාලනය ගත් පසු රුපියල් ටි්‍රලියනයක මුදල් අච්චු ගහල තිබෙනවා. මේ සතියේ එක් දිනකදී බිලියන 200 ඉක්මවූ මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළා.

අනික් පැත්තෙන් තවදුරටත් චීනය, ඉන්දියාව, බංගලිදේශයෙන් පවා ණය ඉල්ලමින් සිටිනවා. මේ අර්බුදය ඇති කරන ලද ණය පාරේම තවදුරටත් ගමන් කරමින් සිටිනවා. ඊට අමරතව ජාතික දේපළ විකිණීම ආණ්ඩුවේ තුන්වෙනි විසඳුම බවට පත්කරගෙන තිබෙනවා. කෙරවලපිටිය බලාගාරය, වරාය භූමියේ අක්කර 13කට ආසන්න ප්‍රමාණයක් චීන සමාගමකට ලබාදීම, සෙලෙන්දිවා ආයතනය ගොඩනගලා අපේ රටේ වාණිජ සහ පෞරාණික වටිනාකම්වලින් ඉහළම ගොඩනැගිලි සහ ඉඩම් විකිණීමට සූදානම් වෙනවා. ඔවුන් අර්බුදය විසඳීමේ මාවත බවට පත්කරගෙන තිබෙන්නේ ණය ගැනීම, විකිණීම සහ මුදල් අච්චු ගැසීමයි. මේ මාර්ගය ඉතා කෙටි කාලයකින් නැවත අර්බුදය තීව්‍ර කරනවා. ජනතාව මුහුණ දෙමින් සිටින ආර්ථික ගැටලුවලට නිවැරදි උපාය මාර්ග ඔවුන්ට නොමැති බව, පැරණි යළ්පීනූ අසාර්ථක ගමන් මාර්ගයේම ගෝඨාභය රාජපක්ෂලා වේගයෙන් ගමන් කරමින් සිටිනවා.

එසේම සමාජ අර්බුද විශාල ගණනාවක් නිර්මාණය කෙරෙමින් තිබෙනවා. නීතියේ හා විධානයේ ආධිපත්‍යය බිඳවැටීම, අධිකරණය කෙරෙහි තිබූ විශ්වාසය බිඳ වැටීම තුළින් සමාජ අර්බුද රැසක් පවතිනවා. අපේ රටේ ආර්ථික සහ සමාජ අර්බුද අති විශාල ප්‍රමාණයක් මේ යුගයේ ඇතිකර තිබෙනවා. අපි මේ රටේ පුරවැසියන්ගෙන් අහන්නේ මේ ආකාරයට තවදුරටත් යා යුතුද කියලයි. අප විඳින මේ විනාශයේ ප්‍රතිඵල අපේ දරුවන්ට අත්පත් කර දිය යුතුද? ජාතික ජන බලවේගය විදිහට අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙය වෙනස් කිරීම සඳහා එකතුවන්න කියලා. ජාතික ජන බලවේගයේ අපි මේ රට ගොඩනැගීම සඳහා භාරගන්න සූදානම්. ඒ සඳහා දැක්මක්, වැඩපිළිවෙළක්, කැපකිරීමක්, අප සතුව තිබෙනවා. අගාධයට යමින් තිබෙන රට ගොඩනැගීමට අපට හැකියාව තිබෙන බවට දැඩි විශ්වාසයක් තිබෙනවා. එය ගොඩනැගිය හැකියි.

මේ සඳහා බලය අත්පත් කර ගත යුතුයි. මේ රටේ පුරවැසියන් දශක ගණනාවක් විවිධ පාලනයන් ගොඩනගා තිබෙනවා. එහි අවසන් ප්‍රතිඵලය ජනතාව අපේක්ෂා භංගත්වයට පත්වීම, ජනතාවට දුන් පොරොන්දු මුළුමනින්ම සුනුවිසුනු කොට දැමීමක්. ජනතාවට දේශපාලනය එපා වෙනතරමට අපේක්ෂා භංගත්වයට පත්කර තිබෙනවා. අපි ඉල්ලා සිටින්නේ “ඔබ මේ රට වෙනස් කිරීම සඳහා ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙන්න” කියලා. අපේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාර සහ සංවිධාන එක්ක සාකච්ඡා කරමින් මේ රට ගොඩනැගීමේ ප්‍රධානතම මහජන ව්‍යාපාරය බවට ජාතික ජන බලවේගය පත්කරමින් තිබෙනවා. කොවිඩ් තත්වය සැලකිල්ලට ගනිමින් රටේ සෑම නගරයකටම ගොස් වෘත්තීය වේදීන්, ව්‍යාපාරිකයන් ඇතුළු පුරවැසියන් එක්ක පවතින ගැටලු සාකච්ඡා කරන්න සැලසුම් කොට තිබෙනවා. සාහිත්‍ය ධරයන්, නීතිඥයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ යෙදී සිටින්නන් රාජ්‍ය සේවකයන් ඇතුළු සියලු දෙනා මුණගැසී මේ රට වෙනස් කර ගැනීම වෙනුවෙන් බලවේගයක් හැටියට ගොඩනැගීමේ කටයුතු කරමින් තිබෙනවා.

මේ රට ගොඩනැගිය යුතුයි. යහපත් රාජ්‍යයක් බවට පත්කළ යුතුයි. ඒ සඳහා වගකීම භාරගන්න ජාතික ජන බලවේගය සූදානම්. අපි තවදුරටත් බලපෑම් කණ්ඩායමක සිටීම පමණක් නොව බලය හුවමාරුකර ගැනීමේ කණ්ඩායමක් දක්වා පරිවර්තනය වීමට අපි සූදානම්. බලය අරමුණු කර ගත් දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපි ලෑස්තියි. ඒ සඳහා මේ රටේ ජනතාවට ජාතික ජන බලවේගය වටා ඒකරාශී වන ලෙස ආරාධනා කරනවා.

 

කෝවිඩ් 19 මේ රටේ අධිනිශ්චය වෙලා තිබෙනවා. නමුත් 1948 ඉඳලා නිල්, කොළ පාලනයන් මේ රටේ සමාජ දේහයට ඉහඳ තියලා තියෙන්නේ. ඔජස් ගලන තත්වයට ආසාදනය කරළා. කෝවිඩ් කියන්නේ මොන වෛරසයක් ද, කියලා මේ අනර්ථකාරී දේශපාලනයේ ජීවත්වීම තුළ හැඟෙනවා. දශක හතක් තිස්සේ ජනතාව අසරණ කර, මේ අනර්ථකාරිත්වය බාරගන්න තැනට බලකර තිබෙනවා. ඇස් – කන් ඇරලා අපි ජීවත් වන මොහොත දිහා බැලුවොත් ශ්‍රී ලංකාව තුළ බොහෝ දේ සිද්ධ වෙමින් යනවා. රට පුරා නැගෙන විරෝධය රහසක් නොවෙයි. එය පිපුරුමක් දක්වා යෑම රහසක් නොවෙයි. මේ ගැන ජනතාව සුබවාදීම බලන්න ඕනෑ. ගුරු-විදුහල්පති අරගලය එක පැත්තක. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මූලිකත්වය දී විශ්වවිද්‍යාල මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරයකට නායකත්වය දෙනවා. සිසුජන ව්‍යාපාරය තව පැත්තකින් රොදබඳිමින් ඉන්නවා. අප මේ කතා කරන මොහොතන වන විටත් නුගේගොඩ ඉඳලා රථ පෙළපාළියක් පැවැත්වෙනවා. මෙහෙම වෙන්නේ ඇයි. මේවා බලෙන් කරන්න පුළුවන් දේවල් නොවෙයි.

සියලු වෘත්තිකයන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, මහජනතාව, ප්‍රඥාවන්තයින් සියලු දෙනා මේ පාලනය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ගුරු විදුහල්පති වැටුප් සටන දශක දෙකහමාරකට වැඩියි. සමහරු කියනවා මේ වෙලාවේ මේ අරගලය වැරදියි කියලා. නමුත් ඉතා පැහැදිලිවම මේ අරගලය කල්දැමූ ඉල්ලීම් සම්බන්ධයවයි. මේ ක්ෂේත්‍රය රැකගන්නේ නැතිව රටේ අනාගතය ගැන හිතන්න බැහැ. තව පැත්තකින් කොතලාවල විශ්වවිද්‍යාල පනත කොතරම් අනර්ථකාරී ද කියලා ඔප්පුකරමින් ඉන්නවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙනුවෙන් බිලියන ගණන් රාජ්‍ය බැංකුවලින් ණය දීලා. ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු නොකර අධ්‍යාපන අවස්ථා වර්ධනය කරන්න බැහැ කියන එක දෙමාපියන් පවා දැන් පිළිගනිමින් ඉන්නවා. දේශපාලන බෙදීම් දඩමීමා කරගෙන මේ රට මේ තරම් දුරට මේ අගාධයේ ගෙන ආවා. මේ බෙදීම් සහිතවම දේශපාලන පක්ෂ සහ සංවිධාන තම තමන්ගේ වෙනස්කම් තියාගෙන එක ඉලක්කයකට එමින් ඉන්නවා. පවත්නා රජය මේකට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනෑ. කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන ආ අනර්ථකාරී දේවල් පුපුරා පිටාර ගලන්න පටන්ගෙන තිබෙනවා.
මේ වෙලාව ඒකට සුදුසුද කියලා අහන්න එපා. ඉතිහාසය දේවල් තෝරන්නේ අර්බුදයන් විසින්. ශ්‍රී ලංකාව ඉතාම සුදුසු තැනට සකස්වෙලා තිබෙනවා. දශක හතක් තිසිසේ අන්ත දුගී තත්වයට, අන්ත මංකොල්ලයකට, මනුෂ්‍යත්වයට එරෙහි ව්‍යාසනයකට ලක්කර තිබෙන මගේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව දිහා හිතලා මම එහෙම කියන්නේ. මේ තත්වයන් සුබවාදීව වෙනස් කරන්න ජාතික ජන බලවේගයට පුළුවන්. එහි ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් එහි විශිෂ්ට තම වැඩපිළිවෙළ එළිදක්වා තිබෙනවා. ඒ වැඩපිළවෙළ වටා සමස්ත ශ්‍රී ලංකාවම එකතු වෙන ලෙස ආරාධනා කරනවා.

 

Post Views: 7
Previous Post

ඇස්ට්‍රාසෙනෙකා ජපානයෙන් ශ්‍රී ලංකාවට … අද සිට එන්නත්කරණය ඇරඹෙයි – සෞඛ්‍ය අමාත්‍යංශය

Next Post

සෞඛ්‍ය තත්ත්වය ගැන පරික්ෂාවට “Self Shield” නමින් යෙදුමක් හදුන්වා දෙයි

editor

editor

Next Post

සෞඛ්‍ය තත්ත්වය ගැන පරික්ෂාවට “Self Shield” නමින් යෙදුමක් හදුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025
COVID -19 වෛරසයේ වර්තමාන තත්ත්වය

COVID -19 වෛරසයේ වර්තමාන තත්ත්වය

3 June 2025

Recent News

බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025
COVID -19 වෛරසයේ වර්තමාන තත්ත්වය

COVID -19 වෛරසයේ වර්තමාන තත්ත්වය

3 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved