• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අගමැතිකම භාර ගන්න සුදානම් – සජිත්ගෙන් ජනපතිට ලියුමක්

12 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සමගි ජන බල සන්ධානයේ මූලිකත්වයෙන් අනෙකුත් පක්ෂ සමඟ එක්ව කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවීමටත් සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමටත් තීරණය කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් විපක්ෂනායකවරයා පවසා සිටියේ පසුදින ජාතිය අමතා සිදු කල ප්‍රකාශයෙන් පසුව මෙම තීරණය ගත් බවයි.

ජනාධිපතිවරයා වෙත යොමු කල ලිපිය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ.

ගරු ජනාධිපතිතුමනි,

පසුගිය දිනක ඔබතුමා දුරකථනයෙන් මා අමතා අග්‍රාමාත්‍ය ධූරය භාරගන්නා ලෙස කළ යෝජනාව සහ අති ගෞරවණීය මහා නායක ස්වාමීන් වහන්සේලාගේත් අනෙකුත් ආගමික නායකයින්ගේත් ඉල්ලීම පරිදි අවස්ථා කීපයක් සමගි ජන බලවේගයේ හා සමගි ජන බල සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කළෙමි. ඒ අනුව පහත සඳහන් එකඟතා වලට යටත්ව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය හැටියට සමගි ජන බල සන්ධානයේ මූලිකත්වයෙන් අනෙකුත් පක්ෂ සමඟ එක්ව කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවීමටත් සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමටත් තීරණය කර ඇති බව ප්‍රකාශ කරමි.
ඔබතුමා ඊයේ ජාතිය අමතා කළ ප්‍රකාශනයේද ඇති පරිදි,

01. නිශ්චිත අවම කාළ රාමුවක් තුල ජනාධිපති ධූරයෙන් ඉවත් වීමට ඒකඟ වීම.

02. සති දෙකක කාලයක් තුළ සියලුම පක්ෂ සහයෝගයෙන් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ බලාත්මක කිරීම.

03. අප විසින් දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ගැසට් කර ඇති 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන අනුව ඉතාම අවම කාලයක් තුල සියලු පක්ෂ එක්ව සහයෝගයෙන් ක්‍රියාත්මක කිරීම.

04. ජන ජීවිතය යථා තත්වයට පත් කොට, නීතියේ ආධිපත්‍ය තහවුරු කොට ඉහත සඳහන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ස්ථිරසාර රජයක් පිහිටුවීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දීමට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි.

ඉහත සඳහන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමත්, ඉදිරියේදී තව දුරටත් අගාදයට ඇද වැටෙන ආර්ථිකය පාලනය කිරීම සඳහාත් මට සහ අප කණ්ඩායමට ස්ථිරසාර පැහැදිලි වැඩපිළිවලක් ඇති බවත් ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

ඉහත සඳහන් කරුණු වලට අනුව නව කෙටි කාලීන රජය පිහිටුවීමේ රාමුව පිළිබඳව සහ හෙට දවසේ නව රජය දිවුරුම් දීම සඳහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරීමට සූදානම් බව ප්‍රකාශ කරමි.
ස්තූතියි.
මෙයට – හිතවත්,

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක සහ
සමගි ජන බලවේගයේ නායක

Post Views: 6
Previous Post

ගෝල්ෆේස් ගැටුමට අදාළව මහින්ද ඇතුළු 17කට රටින් පිටවීම තහනම්

Next Post

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

editor

editor

Next Post

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved