27 April 2024
#දේශීය

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (12) පස්වරුවේ දිවුරුම් දීම සිදු විය.

රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර පස් වතාවක් අග්‍රාමාත්‍ය ධුරය හොබවා තිබේ.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මෛත්‍රී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *