ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නවවන (09) අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ලෙස රියර් අද්මිරාල් රොහාන් ඡෝසෆ් මහතා ඊයේ (18) නිල වශයෙන් රාජකාරි ආරම්භ කරන ලදී. මෙරට මුහුදු සීමාවේ ආරක්‍ෂාව සහ වෙරළබඩ සම්පත් සුරැකීම සම්බන්ධයෙන් වගකීම දරන මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත්වූ ඒ මහතා, ඒ සඳහා වන නිල අක්තපත්‍රය කැබිනට් අමාත්‍ය කාර්යාලයේදී ලබා ගත්තේය.
කැබිනට් ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත් රියර් අද්මිරාල් රොහාන් ඡෝසෆ් මහතා ඉන් අනතුරුව සිය ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඒ මහතාගේ නායකත්වය යටතේ මෙරට සමුද්‍රීය ආරක්‍ෂක කටයුතු තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














