• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දුම්රිය පාලකවරුන්ට කරන පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කරයි

13 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දුම්රිය ගමනාගමනයේදී දෛනික ප්‍රමාදයන් පිළිබඳ අනවබෝධයකින් විවිධ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල කලද එම පදනම් විරහිත බව දුම්රිය පාලකවරුන් පවසයි.

ඔවුන් මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ වගකීමක් සහිත ශ්‍රේණිගත වෘත්තීය සංගමයක් වශයෙන් මෙම අභූත චෝදනා සම්බන්ධයෙන් නිහඬව සිටීම නුසුදුසු බවයි.

 

දුම්රිය පාලකවරුන්ගේ සංගමය මගීන් මාධ්‍ය වෙත නිකුත් කල සම්පුර්ණ පැහැදිලි කිරීම පහත පරිදි වේ.

දුම්රිය ගමනාගමනයේදී ඇතිවන දෛනික ප්‍රමාදයන් පිළිබඳ වගකීම, දුම්රිය පාලකවරුන් වෙත පවරමින් විවිධ මාධ්‍ය ඔස්සේ චෝදනා ඉදිරිපත් කෙරෙන බව දක්නට ලැබේ.

වගකීමක් සහිත ශ්‍රේණිගත වෘත්තීය සංගමයක් වශයෙන්, මෙතෙක් ඒ පිළිබඳ ප්‍රතිචාර දැක්වීමට උත්සුක නොවූයේ, අනවබෝධී ප්‍රකාශ පිළිබඳ වෙහෙසීම ට වඩා, අඛණ්ඩ සේවාව පවත්වාගෙන යාම කෙරෙහි වඩාත් සාවධානව නැඹුරුවීම හේතු කොට ගෙන බව පෙන්වා දීමට කැමැත්තෙමු. එහෙත්, තවදුරටත් මෙම අභූත චෝදනා සම්බන්ධයෙන් නිහඬව සිටීම නුසුදුසු බව හැගේ.

එබැවින්, පළමු වටයේදී දෛනික දුම්රිය ප්‍රමාදයන්ට පාදක වන ප්‍රධාන සාධක කීපයක් සම්බන්ධ තොරතුරු සැකෙවින් සමජගත කරන්නෙමු.
දුම්රිය ප්‍රමාදයන් කෙරෙහි බලපාන ප්‍රධාන කරුණු වශයෙන්,

 කාර්මික දෝෂ,
 අධික වේග සීමා,
 සංඥා හා සන්නිවේදන දෝෂ,
 නඩත්තු හා අලුත්වැඩියා සම්බන්ධ ප්‍රමාදයන්
 අධීක්ෂණ දෝෂ,
 දුම්රියහා දුම්රිය දේපළ වෙත සිදුකෙරෙන හානි,
යනාදිය පෙන්වා දිය හැක.

මනා සංවිධාන ව්‍යුහයකින් යුත් දුම්රිය දෙපාර්තමේන්තුව, එකිනෙක හා සම්බන්ධිත ප්‍රධාන උප දෙපාර්තමේන්තු දහයකින් සමන්විත වේ. ඉන් දුම්රිය ධාවනය කෙරෙහි ඍජුවම ‍ බලපවත්වන උප දෙපාර්තමේන්තු වශයෙන්,

• ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුව
• ධාවනබල උප දෙපාර්තමේන්තුව
• මාර්ග හා කර්මාන්ත. උප දෙපාර්තමේන්තුව
• සංඥා හා විදුලි සංදේශ උප දෙපාර්තමේන්තුව
• ප්‍රවාහන උප දෙපාර්තමේන්තුව
පෙන්වාදිය හැක.

මෙම උප දෙපාර්තමේන්තු වෙත පැවරී ඇති වගකීම් හා විෂය පථයන්ට අනුකූලව, අදාල සේවක ගණයන් අනුයුක්ත කර ඇති නමුත්, ක්‍රියාකාරීත්වයේදී සේවක හිගයක් පවතින බව දක්නට ඇත.

අදාල සේවකයින්ගේ වැඩ අධීක්ෂණය සඳහා බලලත් නිලධාරීන් කණ්ඩායම් ද යොදවා ඇත.

ප්‍රධාන ඉංජිනේරු හා ධාවනබල

දෛනික දුම්රිය ප්‍රමාදයන්ට ප්‍රමුඛ හේතුවක් වශයෙන්, දුම්රිය එන්ජින් හා මැදිරි නිසි නඩත්තු සඳහා යොමු නොවීම, අත්‍යවශ්‍ය අමතර කොටස් හිගකම හා දුර්වල මානව සම්පත් කළමණාකරණ හේතුවෙන් නිරතුරු ඇතිවන කාර්මික දෝෂ පෙන්වා දිය හැක.

මාර්ග හා කර්මාන්ත

ආසන්න වශයෙන් කිලෝමීටර 1500 කින් පමණ සමන්විත දුම්රිය මාර්ග පද්ධතිය ඉතාමත් දුර්වල තත්වයක පවතින අතර, නඩත්තු කටයුතු සඳහා පීලි හා සිල්පර හිඟය මෙන්ම, ශිල්පීය දැනුම ඇති සේවකයින්ගේ හිඟයද ඊට බලපා ඇත.දුර්වල මාර්ග පද්ධතිය හේතුවෙන් සෑම කොට්ඨාසයකම සිථිර වේග සීමා විශාල ප්‍රමාණයක් පිහිටුවා තිබීම, නියමිත කාල සීමාවන් තුල, දුම්රියන් ගමනාන්ත වෙත ළගා නොවීමට දැඩිව බලපා ඇත. ප්‍රමුඛතා හඳුනා නොගෙන කරනු ලබන දෙපාර්තමේන්තු සේවක බඳවාගැනීම්ද මේ සඳහා බලපා ඇත.

ප්‍රවාහන උප දෙපාර්තමේන්තුව

කොල්ලුපිටිය හා දෙමටගොඩ අතර දුම්රිය ප්‍රමාදයට හේතුවන්නේ,දුම්රිය ගමනාගමනය සඳහා වැඩි දුම්රිය ප්‍රමාණයක් එක් කලද, එම දුම්රියන් සේවා කිරීම සඳහා(Service) අංගන වෙත ඇතුළත් කරගැනීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිකමයි. ගමන්වාර අවසන් කර පැමිණෙන දුම්රියන්, පැමිණෙන අනු පිලිවෙල අනුව, අංගනයන් වෙත ඇතුළත් කර ගැනීම සිදු නොවේ. එම තත්වය මත, කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථානයන්හි වේදිකාවන්, එම දුම්රියන්ගෙන් අවහිර වීම මත, පසුපසින් පැමිණෙන අනෙකුත් දුම්රියන්, සංඥාවන් අසල ප්‍රමාද වීම සිදුවේ. මේ තත්ත්වය මගහැර ගැනීම ට නම්, අංගනයන්හි පහසුකම් වැඩිදියුණු කිරීම හා කොටුව, මරදාන දුම්රිය ස්ථාන වෙත වැඩි දුම්රිය ප්‍රමාණයක් ඇතුල්කර ගත හැකි වන පරිදි වෙීදිකා පහසුකම් යාවත්කාලීන කළ යුතුය.

සංඥා හා විදුලි සංදේශ

සංඥා සදෝෂීවිම, විදුලිය විසන්ධි වීම හේතුවෙන් සංඥා අක්‍රීයවීම. දුම්රිය පාලන කාර්යාලය හා දුම්රිය ස්ථාන, අංගන, සම්බන්ධ කෙරෙන, දුම්රියට අනන්‍යවූ සන්නිවේදන පද්ධතිය මුලුමනින්ම පාහේ බිඳවැටී තිබීම හා පුද්ගලික ආයතනයක් විසින් සපයා ඇති සන්නිවේදන පද්ධතියේ දුර්වල ක්‍රියාකාරීත්වය ද දුම්රිය ප්‍රමාදයන් කෙරෙහි යම් දායකත්වයක් සපයයි.

එසේම, දුම්රිය එන්ජින්, මැදිරිවල හා සංඥා කේබල් සම්බන්ධයෙන්, අංගන තුලදී හා ධාවනයේදී සිදු කෙරෙන හානි හා කඩාකප්පල්කාරී ක්‍රියා වළක්වා ගැනීමට දුම්රිය ආරක්ෂක සේවයේ දායකත්වය ප්‍රමාණවත් නොවීමද, දෛනික ප්‍රමාද ඉහල යාමට බලපෑම් එල්ල කරයි.

මේ ආකාරවූ ගැටළු හේතුවෙන්, දෛනිකව සිදුවන දූම්රිය ප්‍රමාදයන් සම්බන්ධයෙන් දුම්රිය පාලකවරුන් වශයෙන් අපට වගකිව නොහැකි නමුත්. දුම්රිය සේවකයන් වශයෙන් අපගේ සේවාලාභීන් වන මගී ජනතාවට සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන් අපගේ බලවත් කනගාටුව පළ කර සිටිමු.

මෙසේ දුම්රිය ප්‍රමාද වීම කෙරෙහි වක්‍රාකාරයෙන් බලපාන කරුණු පිළිබඳ අපගේ නිරීක්ෂණ.

• නිලධාරීන්ගේ වගකීම් විරහිත ක්‍රියාකාරකම්.
• සේවා අධීක්ෂණය නොකිරීම හා කාර්යක්ෂමතා මැන බැලීමේ දුර්වලතාවය.
• තාක්ෂණික ශිල්පීය ඥානය සහිත සේවකයින්ගේ හිගකම.
• සේවකයින් හට වෙනස් කොට සැලකීම හා වෘත්තීය ගරුත්වය ලබා නොදීම.
• මානව සම්පත් කළමනාකරණයක් නොතිබීම හා සේවක උත්ප්‍රේරක ක්‍රියකාරකම් නොතිබීම.

ඉහත පෙන්වා ඇති කරුණු කෙරෙහි නිසි අධ්‍යයනයක් සහිතව, අදාල සියළු පාර්ශවයන් හා සම්බන්ධ වී, විධිමත් මූලාශ්‍ර ඔස්සේ, නිරවද්‍ය තොරතුරු ලබා ගැනීමකින් පසුව, සංවේදී කරුණු නිරවුල්ව සමාජය වෙත සන්නිවේදනය කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව දැනුම් දෙමු.

සුවිශේෂී කරුණු පිළිබඳ පැහැදිලි කර ගැනීමට අවශ්‍යනම්, ඒ සඳහා අප නිරතුරු විවෘත බවද දන්වා සිටින බව දුම්රිය පාලකවරුන්ගේ සංගමය වැඩිදුරටත් අදාළ නිවේදන‌යේ සඳහන් කර ඇත.

Post Views: 6
Previous Post

මාතලේ මහ නගර සභාවේ අය වැය සම්මතයි

Next Post

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මානව සම්පත් කමිටු පිහිටුවීමේ තීරණයක් – ඇමැති මනුෂ

editor

editor

Next Post

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මානව සම්පත් කමිටු පිහිටුවීමේ තීරණයක් - ඇමැති මනුෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

16 July 2025
සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

16 July 2025
පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

16 July 2025
රනිල්ගේ ක්‍රමේට රට අරගන ගියා නම් අපි දිනුම් – වජිර

රනිල්ගේ ක්‍රමේට රට අරගන ගියා නම් අපි දිනුම් – වජිර

16 July 2025

Recent News

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

16 July 2025
සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

16 July 2025
පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

16 July 2025
රනිල්ගේ ක්‍රමේට රට අරගන ගියා නම් අපි දිනුම් – වජිර

රනිල්ගේ ක්‍රමේට රට අරගන ගියා නම් අපි දිනුම් – වජිර

16 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

16 July 2025
සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

16 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved