• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථික සංවර්ධනයට ආගමික සංහිඳියාව ඉතා වැදගත් – ජනපති

7 January 2024
in දේශීය, පුවත්
ආර්ථික සංවර්ධනයට ආගමික සංහිඳියාව ඉතා වැදගත් – ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආගමික සහජීවනය ඇති කරමින් රට ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට උතුරේ ආගමික නායකයන්ගේ ආශිර්වාදය ආර්ථික සංවර්ධනයට, ආගමික සංහිඳියාව ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (06) පෙරවරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී උතුරු පළාතේ සර්ව ආගමික නායකයන් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

උතුරේ යුද්ධයෙන් අහිමිවූ ආදායම් නැවත උතුරට ලබා දීමේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීමට අපේක්ෂා කරන බව පැවසු ජනාධිපතිවරයා එහිදී ආගමික නායකයන්ට සිදුකළ හැකි කාර්යභාරය අතිමහත් බවද පෙන්වා දුන්නේය.

උතුරු පළාතේ ආරක්ෂක හමුදාව යටතේ පවතින ප්‍රදේශවල ඇති කෝවිල් හා පල්ලි පිළිබඳ ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත්, එම ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණ කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේම සර්ව ආගමික නායකයන් සහ නල්ලූර් කෝවිලේ භාරකරුවන් කැමතිනම් නල්ලූර් කෝවිලට වඩා විශාල කෝවිලක් ඉදි කිරීමට කටයුතු කළ හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ක්‍රිස්තියානි පල්ලිවල තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බවත් විශේෂයෙන් මඩු දේවස්ථානයේ ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මුස්ලිම් ජනතාව යුද සමයේ මෙම ප්‍රදේශ අතහැර ගිය බවත්, ඔවුන්ට නැවත පදිංචි වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජාතිවාදී සහ ආගම්වාදී ලෙස බෙදි වෙන්වීමට අවශ්‍ය නොවන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා සියලුම ජනතාවගේ අයිතින් සුරක්ෂිත කරමින් රටක් ලෙස ඉදිරියට යා යුතු බවද කියා සිටියේය.

සෑම ආගමක් පිළිබඳවම කටයුතු කිරීමට බුද්ධශාන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ උපදේශන කමිටු පත් කිරීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.

එසේම මෙරට ආගමික හා සංස්කෘතික වටිනාකම් ඉදිරියට ගෙන එමින් රටේ ආර්ථිකය ගොඩනැගීමට ඇති හැකියාව පෙන්වා දුන් ජනාධිපතිවරයා අනුරාධපුර සහ මහනුවර කේන්ද්‍ර කර ගනිමින් බෞද්ධ ආගමික ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ඇති කිරීමට සැලැසුම් කර ඇති බවත්, හින්දු ආගමික සංස්කෘතික වටිනාකම විදාහ දක්වමින් යාපනය සහ දක්ෂිණ කෛලාශ් කේන්ද්‍ර කර ගනිමින් හින්දු ආගමික ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ඇති කිරීමට අපේක්ෂා කරන අතර ඒ පිළිබඳ වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසද උපදෙස් දුන්නේය. මෙම කටයුතු මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට මනා රුකුලක් වනු ඇති බව ජනාධිපතිවරයා පැවසීය.

උතුරු පළාතේ පවතින ආගමික එකමුතුව ආරක්ෂා කිරීමට සියලු දේශපාලනඥයන් මෙන්ම ආගමික නායකයන් ද කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරේ ආගමික සහජීවනය වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ එහි සියලු ආගමික නායකයන් සමග සාකච්ඡා කර තමා වෙත දන්වන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරියට උපදෙස් දුන්නේය.

යාපනයේ අන්තර් ආගමික කමිටුව විසින් යෝජනා මාලාවක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දුන්නේය.

ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ ජනාධිපතිවරයා කිසිදු ආගමකට අසාධාරණයක් නොවන ආකාරයට සර්ව ආගමික දෙපාර්තමේන්තුව යටතේ වැඩ කටයුතු සිදු කරන බව ද සඳහන් කළේය.

උතුරු පළාතේ සියලු ජන කොටස්වල ආගමික අයිතීන් සුරක්ෂිත කරමින් එම ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ උදාකර දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ ආගමික නායකයන්, නිරන්තරයෙන් උතුරට පැමිණෙමින් එම ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමට කටයුතු කිරීම පිළිබඳවද කෘතවේදීවත්වය පළ කළේය.

මෙහිදී අදහස් දැක්වූ යාපනය නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ සඳහන් කළේ රට ගොඩනැගීමේ අභියෝගය භාරගත් ජනාධිපතිතුමා අද එය නිසි අයුරින්ම ඉටු කරමින් සිටින බවයි.

එම වැඩපිළිවෙළේදී යාපනයට පැමිණ එහි සියලු ආගමික නායකයන් හමුවී අවවාද අනුශාසනා ලබා ගැනීමට ගත් පියවර අගය කළ උන්වහන්සේ ජනාධිතිවරයාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සියලුදෙනාගේ ආශිර්වාදය හිමිවන බවද පැවසූහ.

පී.ජේ. ජෙබරද්නම් පියතුමා ද මෙහිදී අනුශාසනාවක් සිදු කළ අතර උන්වහන්සේ පෙන්වා දුන් අතීතයේ සශ්‍රික පළාතක් වූ උතුරට අවශ්‍ය සංවර්ධනය නොව ප්‍රති සංවර්ධනයක් බවයි. යුද්ධයට සහ සංවර්ධනයට වඩා අසීරු කාර්යයක් වන්නේ සහජීවනය ගොඩනැගීම බව පෙන්වා දුන් උන්වහන්සේ ඒ උදෙසා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ අතර ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාදය පිරිනැමීය.

ශිවා ශ්‍රී කන්දයියා කුරුක්කල්තුමා ද ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කරමින් සඳහන් කළේ සියලු ජනතාව අතර සහජීවනය ඇති කරමින් රටට සමෘද්ධිය උදාකරදීමට දේශපාලන අධිෂ්ඨානයක් අවශ්‍ය බවයි. එම අධිෂ්ඨානය සහ ශක්තිය ජනාධිපතිතුමා සතු බව පෙන්වා දුන් ශිවා ශ්‍රී කන්දයියා කුරුක්කල්තුමා හින්දු ජනතාවගේ අවශ්‍යතා ඉටු කර දීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවද සඳහන් කළේය.

ආර්. ඒ .රලීම් මවුලවීතුමා ඇතුළු සර්ව ආගමික පූජකවරු, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා , පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක , යාපනය දිස්ත්‍රික් ලේකම් එස්. ශිවබාලසුන්දරන්, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය, ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 13
Previous Post

මේක වැට් බද්දක් නෙවෙයි දූෂිතයන් රකින බද්දක් – විපක්ෂනායක සජිත්

Next Post

2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රථිපලයෙන් සෑම පුරවැසියකුම රු.ලක්ෂ 02 ක් නැති කරගෙන – මන්ත්‍රී පාඨලි

editor ttvnews

editor ttvnews

Next Post
මම පොහොට්ටුවෙ පොදු අපේක්ෂකයා නෙමෙයි – මන්ත්‍රී පාඨලි

2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රථිපලයෙන් සෑම පුරවැසියකුම රු.ලක්ෂ 02 ක් නැති කරගෙන - මන්ත්‍රී පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved