ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටු වාර්තාව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති බව ජනාධිපති ලේකම්, ගාමිණී සෙනරත් මහතා පවසයි.
එම කටයුත්ත වෙනුවෙන් දැඩි කැපවීමෙන් යුතුව අගනා මෙහෙවරක් ඉටුකළ කමිටුවේ සභාපතිවරයාට හා සාමාජිකයින් හට ජනාධිපතිවරයා ප්‍රශංසා කළ බව එම නිවේදනයේ දැක්වේ.
ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමේ අරමුණින් රජය විසින් එම වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් සලකා බලන බව ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.