27 April 2024
#දේශීය

ළිඳකට වැටී අයෙකු මරුට

මහව. උඩුවේරිය ප්‍රදේශයේ ඊයේ (24) පෙරවරුවේ දී අනාරක්ෂිත ළිඳකට වැටී පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 60 ක් වු උඩුවේරීය, මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි බවයි.

මෘත ශරීරය සම්බන්ධව මහේස්ත්‍රාත් පරික්ෂණයක් සිදු කර කුරුණැගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පශ්චාත මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *