• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අග්බෝ ඇතු ආරක්ෂිත ප්‍රදේශයකට රැගෙන යන්නැයි ප්‍රදේශවාසින් කියයි

5 December 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බරපතල තුවාල ලබා සිට සුවය ලැබූ අග්බෝ ඇතු ගම්වැදීමට හුරු වීමෙන්, නැවතත් අග්බෝගේ ජීවිතය අවදානමකට ලක් වී ඇතැයි තිරප්පනය ප්‍රදේශවාසීන් පවසති.එබැවින් අග්බෝ ඇතු ආරක්ෂිත ප්‍රදේශයකට රැගෙන යන ලෙස ඔවුන් ඉල්ලා සිටිති.

අග්බෝ ඇතුගෙන් තමන්ට සිදුවන පීඩන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා දැනුම්වත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කළ අතර, ඒ අනුව මේ පිළිබඳ සොයා බැලීමට දුමින්ද දිසානායක මහතා එම ගම්මානය වෙත ඊයේ (04) පැමිණියේය.එහිදී ප්‍රදේශවාසීන් තමන් මුහුණ දෙන ගැටලුව සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා දැනුම්වත් කරනු ලැබීය.අනතුරුව අග්බෝ සිදු කළ වගා හා දේපළ හානීද දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

ඉදිරිපස වම් පාදනයට බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා අසාධ්‍යයව සිටි අග්බෝ ඇතුට මාස 04 කට ආසන්න කාළයක් වනජීවී දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ප්‍රථිකාර ලබා දීමෙන් අනතුරුව, අග්බෝ මේ වන විට සුව අතට හැරී ඔහුගේ සුපුරුදු ජීවන රටාවට හුරු වී ඇත.

අග්බෝ සුවපත් කර ගැනීමට වනජීවී පශු වෛද්‍යවරුන් හා වනජීවී නිළධාරීන් දිවා රෑ නොබලා, ජීවිත අවදානම්ද නොතකමින් දින 100 කට ආසන්න කාළයක් අඛණ්ඩව ප්‍රථිකාර කටයුතු සිදු කරනු ලැබීය.අග්බෝ ඇතුගේ පාදයේ තුවාලය ඉතා අසාධ්‍ය තත්වයේ පැවතීම හේතුවෙන් ස්කෑන් පරීක්ෂණ, රුධිර පරීක්ෂණ සිදු කරමින් දෛනිකව ඖෂධ මෙන්ම ආහාර ලබා දෙමින් දින 100 කට ආසන්න කාළයක් අග්බෝ පසු පසම රැදෙමින් අග්බෝ සුවපත් කිරීමේ මෙහෙයුම දියත් කරනු ලැබීය.ඒ අනුව අග්බෝ සුවය ලැබීමෙන් අනතුරුව ඔහුට වනජීවී නිළධාරීන් විසින් ආහාර ලබා දීම නවතා දමා ඔහුගේ සුපුරුදු ජීවන රටාවට හුරු කරමින් ඔහු වනයට හුරු කිරීමේ අරමුණෙනි.නමුත් අග්බෝ වනයට නොයා ආහාර ලබා ගැනීමට මිනිස් වාස භූමි කරා පැමිණිම හේතුවෙන් වනජීවී නිළධාරීන්ටද අග්බෝ වෙනුවෙන් මුර සංචාරයන් යෙදවීමට තවමත් සිදු ව ඇත.

වෛද්‍ය නිර්දේශ අනුව අග්බෝට ප්‍රථිකාර සිදු කරන කාළය තුළ වට්ටක්කා වැනි එළවලු, කොමඩු වැනි පළතරු, ගොයම් වර්ග හා තෘණ වර්ග දිනකට කිලෝ ග්‍රෑම් 250 -300 ක් අතර ප්‍රමාණයක් ලබා දී ඇති අතර, මේ වන විටද එම ප්‍රමාණයම ආහාරයට ගනිමින් අග්බෝ තිරප්පනය, අලිස්ථානය, ඇතුන්ගම, දිවුල්වැව ආදී ගම්මාන රැසක සැරි සරමින් ගෙවතු වල ඇති කෙසෙල්, අඹ, මඤ්ඤොක්කා ආදිය ආහාරයට ගන්නා බවත්, ආහාර සොයා නිවාස කීපයක්ද බිඳ දමා ඇති බවත් ප්‍රදේශවාසීන් පවසති.

පාදයේ තුවාලය හේතුවෙන් ඇවිදීමට අපහසුවෙන් සිටි අග්බෝ මේ වන විට රාත්‍රියට කිලෝ මීටර 10 ක් පමණ දුර ගෙවමින් ආහාර සොයා ගම්වදින බවත්, එසේ ගම්වැදී වගාවන් මෙන්ම නිවාසයන්ද රැසක් මේ වන විට හානි කර ඇති බවත් ඔවුන් පවසති.ඒ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම අග්බෝ ඇතාගේ ආරක්ෂාවට ගැටලුවක් මතුව ඇතැයි ප්‍රදේශවාසීන් පවසති.

අග්බෝ ඇතු දෛනිකව ගම්වැදීම හේතුවෙන් අග්බෝ එළවා දැමීමට වනජීවී නිළධාරීන්ටද දෛනිකව අලි වෙඩි 200-300 ක් පමණ පාවිච්චි කිරීමට සිදු වන බවත්, වනජීවී නිළධාරීන්ගේ ජීවිතද අග්බෝ නිසා අවධානමකට පත්ව ඇති බවද ප්‍රදේශවාසීන් පවසති.අග්බෝ ගම්වැදීමෙන් මිනිස් ජීවිතයකට හෝ අග්බෝට හානියක් සිදු වීමට පෙර අග්බෝ ආරක්ෂිත වනයකට රැගෙන ගොස් මුදා හරින ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිති.ඒ අනුව දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් ඇතුළු නිළධාරීන් කීපදෙනෙකුට පවතින තත්වය සම්බන්ධයෙන් දැනුම්වත් කළ අතර, මිනිසුන්ගෙන් අග්බෝ ඇතුට හෝ, අග්බෝ ඇතුගෙන් මිනිස් ජීවිතයකට හානියක් වීමට ප්‍රථම මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙස උපදෙස් ලබා දුන්හ.

ඒ අනුව මෙම සතිය තුළ මේ සඳහා ස්ථිර විසදුමක් ලබා දෙන බවට ඔවුන් පොරොන්දු විය.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 11
Previous Post

නෙදර්ලන්තයෙන් ආපසු භාර දුන් කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට

Next Post

රාජ්‍ය සේවාවන්ට අදාළ ආකෘති පත්‍ර පිරවීම දැන් නිවසේ සිටම

editor

editor

Next Post

රාජ්‍ය සේවාවන්ට අදාළ ආකෘති පත්‍ර පිරවීම දැන් නිවසේ සිටම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved