• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාව අක්‍රියයි.. කඩිනමින් සක්‍රිය කරන්න – ජාතික මාධ්‍ය සංසදය

24 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාව මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතින අතර එය යළි සක්‍රිය කරන ලෙස ජාතික මාධ්‍ය සංසදයේ මෙහෙයුම් කමිටුව පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය පවසා සිටියේ ‍ තොරතුරු අයිතිවාසිකම් කොමිසමට නව සාමාජිකයන් පත්නොකිරීම මෙයට හේතුව ඇති බවයි.

ජාතික මාධ්‍ය සංසදයේ මෙහෙයුම් කමිටුව විසින් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනය පහත පරිදි වේ.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ස්ථාපිත තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාව මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතී. ඊට හේතු වී ඇත්තේ පනතේ සඳහන් ආකාරයට කොමිසමට නව සාමාජිකයන් පත්නොකිරීම ය. පනතට අනුව එම වගකීම දරන්නේ ව්‍යවස්ථාදායක සභාව සහ ජනාධිපතිවරයා ය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යවස්ථාදායක සභාව අහෝසි කිරීම නිසා, එම බලතල පාර්ලිමේන්තු කවුන්සිලයට පැවරී තිබේ.

2016 අගෝස්තු 04 දින එවකට කතානායක කරු ජයසූරිය විසින් අත්සන් තැබීමෙන් පසු පනත ක්‍රියාත්මක වීම ඇරඹිණි. ඉන්පසු පත්කරන ලද කොමිසමේ ආරම්භක සාමාජිකයන්ගේ පස් අවුරුදු ධුර කාලය පසුගිය සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් විය. පනතේ සඳහන් ආකාරයට නව සාමාජිකයන් පත්කිරීම සඳහා නාමයෝජනා කැඳවීමට අදාළ පුවත්පත් නිවේදනයක් පාර්ලිමේන්තු කවුන්සිලය මගින් පළකරන ලදි. ඊට අනුව නාම යෝජනා ලබාදීමේ කාලය ඔක්තෝබර් 19 දිනයෙන් අවසන් විය. එදින වන විට, පනතේ 12 වන වගන්තියේ සඳහන් ආකාරයට ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මාධ්‍ය සංවිධාන සහ සිවිල් සංවිධාන මගින් පාර්ලිමේන්තු කවුන්සිලය වෙත නාමයෝජනා ඉදිරිපත් කොට තිබිණි.

තොරතුරු අයිතිවාසිකම් කොමිසමේ සාමාජිකයන් සංඛ්‍යාව 05 දෙනෙකි. එයින් එක් අයෙකු සභාපති ධුරයට පත් වේ. නාම යෝජනා අතරින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් යෝජනා කරන පුද්ගලයා අනිවාර්යෙන්ම පත්කළ යුතු බව පනතේ සඳහන් වේ. ඒ අනුව අනෙකුත් සාමාජිකයන් 04 දෙනාට අදාළ නම්, නාමයෝජනා අතරින් තෝරා ජනාධිපතිවරයා වෙත නිර්දේශ කිරීම පාර්ලිමේන්තු කවුන්සිලය සිදු කළ යුතුය. එම නිර්දේශ අනුව පත්කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වේ.

මෙතෙක් පාර්ලිමේන්තු කවුන්සිලය තම වගකීම ඉටු කර නැත. කතානායක මහින්ද යාපා අබේවර්ධන, අගමැති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කබීර් හෂීම්, ඩග්ලස් දේවානන්දා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කවුන්සිලයේ සාමාජිකයෝ වෙති. මේ නිසා තොරතුරු ලබාගැනීමේ ක්‍රියාවලියේදී අසාධාරණයට පත්වන ජනතාවගේ අභියාචනා විභාග කිරීම සම්පූර්ණයෙන්ම නැවතී ඇති අතර, විභාග වන අභියාචනා ඉදිරියට පවත්වාගෙන යෑම ද නතර වී තිබේ. ඒ අතර පෝට් සිටි අභියාචනය, අත්තනෝමතික ලෙස ඉඩම් පවරා ගැනීම් පිළිබඳ අභියාචන ඇතුළු ජනතාවට සෘජුව බලපාන අභියාචන රැසක් වේ. ඊට අමතරව රාජ්‍ය ආයතන තොරතුරුවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීම, තොරතුරු රීති පැනවීම, තොරතුරු නිලධාරීන් පුහුණු කිරීම ඇතුළු කොමිසමට පැවරී ඇති කාර්යයන් රැසක් ද නතර වී තිබේ.

මේ වන විට සිදුවන්නේ කොමිසමේ පරිපාලන කටයුතු පමණි. දැනට ස්ථිර අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ද එහි නැත. පනතට අනුව කොමිසමේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ය. එහි 19 වන වගන්තියට අනුව අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය පත්කරගැනීමේ බලය ද ඇත්තේ කොමිසමේ සාමාජිකයන්ට ය.

තොරතුරු අයිතිවාසිකම් කොමිසමේ හිටපු සභාපති මහින්ද ගම්මන්පිල සහ කිෂාලි පින්ටෝ ජයවර්ධන, එස්.ජී.පුංචිහේවා, සෙල්වි තිරුචන්ද්‍රන්, රෝහිණී වල්ගම යන සාමාජිකයන් විසින් සිය ධුර කාලය තුළදී කැපවීමෙන් කටයුතු කරමින් ජනතාවට වැදගත් වන අභියාචනා තීන්දු රැසක් ලබාදී තිබේ. එමගින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමට වැදගත් කාර්යභාරයක් සිදු වී ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 14(1) මූලික අයිතිවාසිකම් සුරක්ෂිත වීම ද මෙහි වැදගත් කාරණයකි.

එම නිසා කඩිනමින් තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාවේ සාමාජිකයන් පත්කොට, ව්‍යවස්ථාපිත මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු කවුන්සිලයේ සාමාජිකයන්ට අවධාරණය කර සිටිමු.

මෙහෙයුම් කමිටුව
ජාතික මාධ්‍ය සංසදය

2021.11.24

Post Views: 5
Previous Post

බැසිල් කියපු KPI දර්ශක වලින් සෞඛ්‍ය ලේකම්ගේ කාර්‍යක්ෂමතාවය මැනලා බලන්න – රවි කුමුදේශ්

Next Post

එක් දිනක් වයසැති දියණිය පණ පිටින් වලලයි…

editor

editor

Next Post

එක් දිනක් වයසැති දියණිය පණ පිටින් වලලයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

13 January 2026
වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

13 January 2026
කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ විශාල වෙනසක් නුදුරේදීම

කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ විශාල වෙනසක් නුදුරේදීම

13 January 2026
“කළ වැරැද්ද නිවැරදි කරන්නේ නම් ලාල්කාන්තට සමාව දෙනවා” – මිහින්තලා නාහිමියෝ

“කළ වැරැද්ද නිවැරදි කරන්නේ නම් ලාල්කාන්තට සමාව දෙනවා” – මිහින්තලා නාහිමියෝ

13 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

13 January 2026
වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

13 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved