27 April 2024
#දේශීය

බැසිල් කියපු KPI දර්ශක වලින් සෞඛ්‍ය ලේකම්ගේ කාර්‍යක්ෂමතාවය මැනලා බලන්න – රවි කුමුදේශ්

අය වැයේදී මුදල් ඇමති කියපු KPI දර්ශක වලින් සෞඛ්‍ය ලේකම්ගේ කාර්‍යක්ෂමතාවය මුලින්ම මැනලා බලන්න කිය අභියෝග කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා පාර්ලිමේනිතුවේදී ප්‍රකාශයක් කරනවා සෞඛ්‍ය සේවාවට වැටුප් විෂමතාවයක් තියන බව නමුත් සෞඛ්‍ය ලේකම්වරයා ඒ පිළිබඳ නොදන්නා බවයි.

සෞඛ්‍ය ලේකම්ගෙන් සෞඛ්‍යයේ ගැටළු වලට කවදාවත් උත්තර නොමැති බවත් සාකච්චාවක් කරලා තීරණ ගන්න හැටි, ප්‍රශ්ණයක් විසදා ගන්න හැටි ඇත්තටම ලේකම්වරයා නොදන්න බව කුමුදේශ් මහතා පැවසිය.

හරියට KPI දර්ශක වලින් මැන්නොත්, අමාත්‍යාශ වලට ආණ්ඩුව පත් කරලා තියන බහුතර නිළධාරීන්ගේ වැටුප නැවත අය කර ගැනීමට හැකි බවත් සෞඛ්‍ය ලේකම් වගේ ඉහල පුටු රත්කරමින් තීරණ නොගන්නා නිළධාරීන් හේතුවෙන් රටට අහිමි වන මුදල සුළු පටු නොමැති බව රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *