සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත සහිත තැනැත්තන්, වකුගඩු රෝගීන් මෙන්ම ජීවනෝපාය අහිමිවූවන් සඳහා රුපියල් 5000.00 වන දීමනාව ජුනි මාසයේද ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇත.
අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පළාත් පාලන නියෝජිතයන්ගේ රැස්වීමකදී මේ බව සඳහන් කර ඇත.
අප්‍රේල්, මැයි, ජුනි මාස තුන සඳහාම රුපියල් පන්දහසේ දීමනාව ලබාදෙන බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.
වැඩිහිටි, ආබාධ සහිත තැනැත්තන්, වකුගඩු රෝගීන් සඳහා මැයි මාසයට අදාළ රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇති අතර සෙසු පිරිස සඳහා ලබන 18 වැනිදායින් පසු දීමනාව ලබාදීමට නියමිතය.
අප්‍රේල් මාසයේදී පුද්ගලයන් ලක්ෂ හැත්තෑහතරකට මෙම දීමනාව ලබාදී ඇති බව ජනාධිපති කාර්ය සාධක බළකාය පවසන අතර එම පිරිසෙන් ලක්ෂ හතළිස් අටක් සමෘද්ධි ලාභීන්, ජීවනෝපාය අහිමිවූවන් සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටි අය බවත් රජය සඳහන් කරයි.