27 April 2024
#දේශීය

ජනතා දායකත්වය සතුටු දායක නෑ – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලියේ දී ජනතා දායකත්වය සතුටුදායක නොවන බවත් එබැවින් අදාළ රෙගුලාසි කඩකරන පාර්ශව සම්බන්ධව ක්‍රියා කිරීමට සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් යොදවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අද (12) විද්‍යුත් මාධ්‍යක් සමඟ  එක්වෙමින් ඔහු මේ බව සඳහන් කල අතර  ජනතාව කෙතරම් දැනුම්වත් තිබුණ ද ඊයේ දිනයේදී ඔවුන්ගේ හැසිරීම සතුටුදායක නොවන බව අවධාරණය කර සිටියේය.

ඇතැම් අවස්ථාවල කිසිදු ආකාරයක නිරෝධායන නීතියකට ගරු නොකරමින් ඇතැම් ස්ථානවල පිරිස් හැසිරෙන ආකාරය දැකගත හැකි වු බවත් ඔහු පවසයි.

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා ජනතාවගේ අවධානය ප්‍රමාණවත් නොවන බවත් රථ වාහන ධාවනය පිළිබඳවද ඊයේ දිනයේ දී ගැටලු මතුවු බවත් අජිත් රෝහණ මහතා පවසයි.

අද දිනයේ මෙම තත්ත්වය පිළිබඳ දැඩිව කටයුතු කිරීමට සිදුවන බවත් ඒ මහතා කියා සිටියි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *