• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ග්‍රාමීය ආර්ථික පුනර්ජීව කේන්ද්‍රීය බවට පත් කිරීමේ වැඩසටහන අගමැතිගේ ප්‍රධානත්වයෙන්

22 August 2022
in දේශීය

ග්‍රාම නිලධාරී වසම් ග්‍රාමීය ආර්ථික පුනර්ජීව කේන්ද්‍රීය බවට පත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදී පසුගිය 22 දින පැවැති රැස්වීමේදී තීරණය කෙරිණි.

මෙම වැඩසටහන ඔස්සේ ධීවර කර්මාන්තය සවිබල ගන්වන්නේ කෙසේ ද යන්න පිළිබඳව මෙම ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ගැණිනි. මීට පෙර පශු සම්පත් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.

මෙම රැස්වීමේදී, අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ ඉදිරි වසර දෙක සඳහා ජනතාවගේ පෝෂණය ඉහළ නැංවීමට ඇතුළු කඩිනම් ආහාර සුරක්ෂිතතා වැඩසටහන වහා ක්‍රියාත්මක කළ යුතු බවයි.

ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කරගනිමින්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් දියත් කිරීමට තීරණය කර ඇති මෙම නව සංවර්ධන ක්‍රියාදාමය යටතේ, ධීවර කර්මාන්තය සවිබල ගැන්වීම තුළ මෙරට මත්ස්‍ය අවශ්‍යතාවය සපුරා ගැනීම, එමගින් ජනතාවගේ පෝෂණය ඉහළ නැන්වීම මෙන්ම මාළු ප්‍රධාන අපනයනයක් බවට පත්කිරීමට හැකියාවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ධීවරයන්ට වර්තමානයේ අත්‍යවශ්‍යව තිබෙන භූමිතෙල් සහ ඩීසල් වහාම සැපයියමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා “මත්ස්‍ය කර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවයේ සහ පෝෂණයේ ඉලක්ක කරා ගමන් කරවිය යුතුයි. එහිදී ඇඟළුම් අපනයන මට්ටමට මත්ස්‍ය නිෂ්පාදන අපනයන ඉහළ නැන්වීම සිදුකිරීමේ හැකියාව තිබෙනවා. අනෙක් පැත්තෙන් වගාවට අවශ්‍ය ඉඩකඩ ජනතාවට ලබාදීම සඳහා රාජ්‍ය ආයතන පහසුකම් සැලසිය යුතුයි. ග්‍රාම නිලධාරී වසම්, ග්‍රාමීය ආර්ථික පුනර්ජනනීය කේන්ද්‍ර වශයෙන් සවිබල ගන්වා කෙටි කාලීන ආහාර අර්බුදය විසඳා , අනතුරුව මෙම යාන්ත්‍රණය දීර්ඝ කාලීන සංවර්ධනය කරා යොමු කළ යුතුයි. ඒ සඳහා බිම් මට්ටමින් වැඩ ආරම්භ කිරීම මෙම රැස්වීමේ අරමුණයි…” යැයි අග්‍රාමාත්‍යවරයා පැවසිය.

මෙය කළ හැකි ප්‍රායෝගික කාර්‍යයක් බව රැස්වීමට එක්වූ සියලු නිලධාරීන් පිළිගත් අතර එය ක්‍රියාත්මක කිරීම, එළඹෙන සතියේ කමිටු රැස්වීමෙන් ආරම්භ වීමට නියමිතය.

මෙම රැස්වීම සඳහා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු, මෙන්ම අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශ ලේකම් පී මායාදුන්නේ, වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශ ලේකම් එස්. ටී. කොඩිකාර, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම් රත්නායක යන මහත්ම මහත්මීන් මෙන්ම ධීවර, වනජීවී, වන ස‍ංරක්ෂණ, පරිසර, වාරිමාර්ග, මහවැලි ආදි මෙම වැඩසටහනට අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීහු ඇතුළු රජයේ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

 

 

Post Views: 28
Previous Post

කිලිටි ආණ්ඩුව අපේ නොකිලිටි අරමුණු එක්ක සෙල්ලම් කරන්න එපා – විපක්ෂනායක සජිත්

Next Post

කීර්ති තෙන්නකෝන් ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරේ

editor

editor

Next Post

කීර්ති තෙන්නකෝන් ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved