27 April 2024
#දේශීය

කිලිටි ආණ්ඩුව අපේ නොකිලිටි අරමුණු එක්ක සෙල්ලම් කරන්න එපා – විපක්ෂනායක සජිත්

මේ රටේ ජනතාවත් මේ කඩා වැටුණු රට ගොඩනැගීමේ අරමුණ සමගි ජන බලවේගය ට ඇති නිසා,වර්තමාන ආණ්ඩුව කිලිටි ආණ්ඩුවක් වුවත්, නොකිලිටිඅරමුණින් සාකච්ඡා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ හොරණ ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ (21) පැවැත් වු අවස්ථාවට එක්වෙමිනි.

එවැනි නොකිලිටි අරමුණු සමඟ සෙල්ලම් නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කළ විපක්ෂනායකවරයා මේ මොහොතේ කළ යුතු වන්නේ තනතුරු වෙනුවෙන් කුලල් එකා ගැනීම නොවන බව ද අවධාරණය කළේය. රාජපක්ෂ වන්දනාව එක් ගියානම් තමන්ට අගමැතිකමත්, ජනාධිපති කමක් ලබා ගැනීමට තිබූ බව පැවසූ හෙතෙම, මේ රටේ සමස්ත ජනතාව එක් වී ගෙදර යන්න කී රාජපක්ෂලාගෙන් තනතුරු ගැනීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නැතැයිද පැවසීය.

දින 52 දී තමන්ට අගමැති ධූරය භාරගන්නා ලෙස කරන ලද ඉල්ලීම් සියල්ල එකහෙළා ප්‍රතික්ෂේප කළේ ශිෂ්ට සම්පන්න දේශපාලන සදාචාරයක් තමන්ට ඇති නිසා බව පැවසූ ඔහු ,එය අදත් එලෙසම පවතින බව ද පැවසීය.

දෙදහස් පහළොවේ ජන වරම හිමි වූයේ රනිල් වික්‍රමසිංහ මහතාට බව පැවසූ විපක්ෂ නායකවරයා එවර ජනවරම හිමි වූ පුද්ගලයාට ද්‍රෝහි වී අගමැතිකම ගන්නට තමන්ට අවශ්‍ය නොවූ බවද පැවසීය. එදා අගමැතිකම නොගැනීම නිවැරදි නම් අද මුළු රටම එපා යැයි කී පුද්ගලයාගෙන් ජනාධිපතිකම් අගමැතිකම් නොගැනීම ද නිවැරැදි විය යුතු යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *