• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ග්‍රාමීය රෝහල් වලට අවශ්‍යය පහසුකම් ලබා දී සංවර්ධනය කල යුතුයි – ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල

10 March 2024
in පුවත්, සංවර්ධන
ග්‍රාමීය රෝහල් වලට අවශ්‍යය පහසුකම් ලබා දී සංවර්ධනය කල යුතුයි – ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ප්‍රධාන රෝහල් වල පවතින රෝගී තදබදය අඩු කිරීමට නම්, ග්‍රාමීය රෝහල් වලට අවශ්‍යය පහසුකම් ලබා දී එම රෝහල් සංවර්ධනය කල යුතු බව උතුරුමැද පලාතේ රෝහල් නිරීක්ෂණය කරමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

මෙරට රජයේ ප්‍රධාන රෝහල් වල පවතින රෝගී තදබදය අඩු කිරීමට නම්, ග්‍රාමීය රෝහල් වලට අවශ්‍යය පහසුකම් ලබා දී එම රෝහල් ශක්තිමත් ලෙස සංවර්ධනය කළ යුතු බවත්, ප්‍රාථමික ‍, ද්වීතීයික මෙන්ම තෘතීයික සෞඛ්‍ය සේවාවන්ද ශක්තිමත් කලයුතු බව ඒ මහතා අවධාරණය කලේය.

සෞඛ්‍ය ලේකම්වරයා මේ බව අවධාරණය කරන ලද්දේ ඊයේ දින (09) උතුරු මැද පලාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ , අනුරාධපුර ශික්ෂණ රෝහල, මැදවච්චිය මූලික රෝහල, ඇතාකඩ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය, කැබිතිගොල්ලෑව මූලික රෝහල, පදවිය මූලික රෝහල යන රෝහල් වල පවතින මානව හා භෞතික සමිපත් වල අඩුපාඩු සොයා බලා ඒවාට විසදුම් ලබා දීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්ය.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහල පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කරගෙන දිස්ත්‍රික් මට්ටමින් එම රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලා එයට කඩිනම් විසදුම් ලබා දෙමින් ග්‍රාමීය ජනතාවට ගුණාත්මක, විධිමත් සුව සත්කාර සේවාවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති විශේෂ වැඩපිලිවෙලට සමගාමීව සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රමුඛ අමාත්‍යංශ නිලධාරීන් මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ අනුරාධපුර ශික්ෂණ රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා ගැනීම සදහා රුපියල් මිලියන 250 ක මුදලක් ලබා දීමටත් , ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 180 ක වෛද්‍ය උපකරණ ලබා දීමටත් කටයුතු කරන බවය. තවද රෝහලේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදනද ලබා දීමටද කටයුතු කරන බව ද කීවේය.

එමෙන්ම මැදවච්චිය, ඇතාකඩ, කැබිතිගොල්ලෑව, පදවිය යන රෝහල් රෝහල් වලට අවශ්‍යය වෛද්‍යවරුන් ,හෙදියන් , ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් අනුයුක්ත කිරීමටත් පියවර ගන්නා බව සදහන් කල සෞඛ්‍ය ලේකම්වරයා, එම රෝහල් වලින් කඩිනම් ,ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අවශ්‍යය වන වෛද්‍ය උපකරණ ලබා ගැනීම සදහා එක් එක් රෝහලේ අවශ්‍යයතාවය පරිදි මුදල් වෙන්කර දීමටද පියවර ගන්නා බවත්, රෝහල් සංවර්ධනය සදහාද අවශ්‍ය මුදල් ලබාදෙන බවද කීවේය. ග්‍රාමීය රෝහල් සංවර්ධනය කිරීම සදහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලැස්ම යටතේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවද වැඩිදුරටත් පැවසීය.

මෙම නිරීක්ෂණ චාරිකාවේදී සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් විසින් රෝහල් වල වාට්ටු, ශල්‍යාගාර, විශේෂ සත්කාර ළදරු ඒකක, ප්‍රාථමික ප්‍රතිකාර ඒකක, විකිරණ අංශය, ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති, ඖෂධාගාර ඇතුළු අනෙකුත් අංශ නිරීක්ෂණයට ලක් කෙරිණි.

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් රෝහල් වලට අවශ්‍ය ඖෂධ අවශ්‍යය ප්‍රමාණයට හිගයකින් තොරව තිබේදැයි, මෙන්ම ඖෂධ වල හිගයක් පවතීද යන්න පිළිබදවද පෞද්ගලිකව විමසීමකට ලක් කරන ලද අතර රෝහල මගින් ලබා දෙන ප්‍රතිකාර සේවාවන් පිළිබදවත් , ඖෂධ තත්ත්වය පිළිබදවත් රෝහලට පැමිණි ජනතාවගෙන් කරුණු විමසන ලදී.

මෙම නිරීක්ෂණ චාරිකාව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සාලින්ද බණ්ඩාර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ , නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය, අධ්‍යක්ෂවරුන් වන වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්ණ, වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, උතුරුමැද පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර, යන මහත්වරුන්ද , විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක් සහභාගී වුහ.

Post Views: 15,478
Previous Post

අලවතුවල ගොවින්ට කෘෂි උපකරණ බෙදා දෙයි

Next Post

“IORA” දින සැමරුම් උත්සවයට ජනපති එක් වෙයි

editor ttvnews

editor ttvnews

Next Post
“IORA” දින සැමරුම් උත්සවයට ජනපති එක් වෙයි

“IORA” දින සැමරුම් උත්සවයට ජනපති එක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

28 May 2025
ඇමරිකාවෙන් දැඩි තීරණයක්

ඇමරිකාවෙන් දැඩි තීරණයක්

28 May 2025
අනතුරු අඟවමින්  AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

අනතුරු අඟවමින් AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

28 May 2025
අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

28 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

28 May 2025
ඇමරිකාවෙන් දැඩි තීරණයක්

ඇමරිකාවෙන් දැඩි තීරණයක්

28 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved