රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයේ ඩොන්බෑස් කලාපයේ ‘ හමුදා මෙහෙයුමක්’ නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
රුසියානු ජනාධිපතිවරයා මාධ්‍ය අමතමින් පවසා ඇත්තේ බටහිර කලාපය සහ යුක්රේනය දක්වන ප්‍රතිචාරවලට ක්‍රියාමාර්ගයක් ලෙස මෙම මෙහෙයුම නිවේදනය කළ බවයි.
තවද රුසියානු ජනාධිපතිවරයා අනතුරු අඟවා සිටින්නේ, බටහිරින් සහ යුක්රේනයෙන් අඛණ්ඩව මෙවැනි ප්‍රතිචාර දැක්වීම් අඛණ්ඩව සිදුවුවහොත් අඛණ්ඩව ප්‍රතිවිපාක ද විඳීමට සිදුවනු ඇති බවයි.
ඊයේ (23) රාත්‍රියේ දී තමන් රුසියානු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට උත්සාහ කළ ද එය ආසාර්ථක වු බව ද යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.