රුසියානු හමුදාවට අයත් An-26 වර්ගයේ හමුදා ප්‍රවාහන ගුවන් යානයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ක්‍රිමියානු අර්ධද්වීපයට ඉහළින්දී කඩා වැටී ඇති අතර, එහි සිටි පුද්ගලයන් 29 දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇති බව අද (01) නිල වශයෙන් වාර්තා වේ.
මොස්කව් වේලාවෙන් ඊයේ (මාර්තු 31) පස්වරු 06:00ට පමණ නියමිත ගුවන් ගමනක නිරතව සිටියදී මෙම යානය සමඟ පැවති සබඳතා බිඳ වැටී තිබේ. යානය කඩා වැටෙන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් හය දෙනෙකු සහ මගීන් 23 දෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් සියලු දෙනාම මියගොස් ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළේය.
මූලික විමර්ශනවලට අනුව යානයේ හටගත් තාක්ෂණික දෝෂයක් මෙම අනතුරට හේතු වී ඇති බව සැක කෙරේ. අනතුර සිදුවූ ස්ථානයේ යානයේ සුන්බුන් සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වීම සඳහා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්ත විශේෂ කමිටුවක් මේ වන විටත් අදාළ ප්‍රදේශයට ළඟා වී තිබේ.














