• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සජිත් රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයෙක් – එජාප මහලේකම් පාලිත

1 June 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉස්සරහ දොරෙන් ගොස් ජනතාවට විවිධ දේ ප්‍රකාශ කළද ඔහු පිටුපස දොරෙන් ඇතුළු වී බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.

මහලේකම්වරයා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ සංවිධාන කර තිබූ පක්ෂ නියෝජිත සාකච්ඡාවකදීයී.

ඔහු පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක භූමිකාවට අමතරව කටුපු ආරක්ෂකයාගේ තනතුරේද කටයුතු කරමින් සිටින බවයි.

දෙමළ ජාතික සන්ධානය 21 වන සංශෝධනයට පක්ෂව සිටියද එම්.ඒ.සුමන්තිරම් සහ රාසමානික්කම් යන මන්ත්‍රීවරුන් පමණක් ඊට විරෝධය දක්වන තත්ත්වයක් නිරීක්ෂණය වන බවද ඔවුන්ද බැසිල් රාපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරන බව පැහැදිලිව පෙනී යන්නේ යැයිද ඔහු සදහන් කළේය.

21 වන සංශෝධනය යනු 19 වන සංශෝධනයටත් වඩා ප්‍රබල සහ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම පාර්ලිමේන්තු නිදහස තහවුරු කරන ව්‍යවස්ථා සංශෝධනයක් බව පැවැසූ පාලිත රංගේබණ්ඩාර මහතා එවැනි ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහිව පෙනී සිටින්නේ සෘජුවම විධායක බලතල ආරක්ෂා කිරීමට යැයිද පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේබණ්ඩාර මහතා මෙසේද පැවැසීය, ” ගෝඨා ගෝ හෝම් යන්න තවදුරටත් ප්‍රබල කරන කාරණයක් ලෙස 21 වන සංශෝධනය හදුන්වන්න පුළුවන්. මෙමගින් විධායක බලතල කප්පාදු වෙනවා පමණක් නොවෙයි. විගණන, අල්ලස් වැනි කොමිෂන් සභා රැසක බලතල ඉතා ප්‍රබල ලෙස වැඩි වෙනවා. හොරකමට, දූෂණයට, වංචාවට තියෙන සියළු මාර්ග මේ යටතේ අවහිරවනවා. දැන් විපක්ෂ නායවරයා මේ කියන්නේ මේ දේවල් කරන්න හොද නෑ කියලද ? සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා මේ කරන්නේ රාජපක්ෂවරුන්ට කෘතගුණ දැක්වීමක්. ඒක ඉතා පැහැදිලියි. ඒකට හේතු රැසක් තිබෙනවා. එකක් තමයි ඔහුගේ සොහොයුරිය කෝටි දෙකක හොර නෝට්ටු සමග හසුවෙනවා. ඒ වෙලාවේ ඇය බේරා ගන්නේ රාජපක්ෂවරු විසින්. ඒ සිද්ධීයට කිසිදු ආකාරයකින් නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. ඒත් සාමාන්‍ය කෙනෙක් එක 100 නෝට්ටුවක් එක්ක හසු වුනානම් ඒ මනුස්සයා අනිවාර්යෙන්ම හිරේ යනවා. මෙයාලගෙ කෝටි ගණනක් අහු වෙලත් මොකුත්ම නෑ. දෙවැන්න තමයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුව ඇති මුදල් වංචාව. සජිත් ප්‍රේමදාස ඇමැති කාලේ තමයි මේ වංචාව සිදු වුණේ. සෙල්ලමක් නෙමෙයි බිලියන 11 ක් විතර අවභාවිත කරල තියෙනවා. ඡංගම ගිණුම් 25 ක් භාවිතා කරමින් මේ මුදල් වංචා කර ඇති බවද මුදල් රෙගුලාසි උල්ලංඝණය කරමින් විවිධ මිලදී ගැනීම් සිදුකිරීම ඇතුළු කාරණා රැසක් යටතේ මේ වංචා සිදුකර ඇති බව මේ වන විට අනාවරණ වෙලා තියෙනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ මේ වංචා සිදුව ඇති බවයි පැවැසෙන්නේ. කෙහොම වුණත් මේ දේවල් ගැන රාජපක්ෂලා කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. මේවට තමයි සුපිරි ඩීල් කියල කියන්නේ. අධක්ෂ මණ්ඩලයේ හෝ අනුමැතියක් දැනුම්වත්වීමක් නොමැතිව මෙම මුදල් අවභාවිතය සිදුකරල තියෙනවා. රාජපක්ෂවරු ලබාදුන් රැකවරණයට කෘතගුණ දක්වන්න දැන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට සිදුවෙලා තිබෙනවා. මේ වෙන්නේ ඒ කෘතගුණ දැක්වීමයි. අත්ත තිත්ත වෙන්න පුළුවන්. ඒත් කියන්න අවශ්‍යයි. ජනතාව තවදුරටත් මේ අයට රැවටි රැවටි ඉන්නවද ? නැත්නම් ඇත්ත ඇති සැටියෙන් තේරුම්ගෙන සත්‍ය අවබෝධය සහිතව රටගාඩනැගීම වෙනුවෙන් අගමැතිතුමා තනිවම ඉදිරපත්වී සිදුකරන මේ ක්‍රියාන්විතයට සහය දෙනවාද ? අපිට උත්තර හොයන්න තියෙන්නේ ජනතාව දැනුම්වත් කරන්න තියෙන්නේ මේ කියන කාරණා දෙක පිළිබදයි. එය නිසි ලෙස තේරුම් ගතහොත් අපිට මේ රට ඉතා කෙටි කලක් තුළ ගොඩ නගන්න පුළුවන් වේවි. යැයි මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 14
Previous Post

මාතලේ සභාපති ජංගම සේවය පලාපත්වලදී

Next Post

මාතලේ වගා දිනයක් ප්‍රකාශයට පත් කරනවා – ආණ්ඩුකාර ලලිත්

editor

editor

Next Post

මාතලේ වගා දිනයක් ප්‍රකාශයට පත් කරනවා - ආණ්ඩුකාර ලලිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved