27 April 2024
#සංවර්ධන

මාතලේ සභාපති ජංගම සේවය පලාපත්වලදී

මාතලේ ප්‍රාදේශිය සභාව මගින් සිදු කරන “සභාපති ජංගම සේවා “වැඩසටහන ඉකුත්දා පලාපත්වල උඩුගම වසම ආවරණය වන පරිදි උඩුගම ශ්‍රී කුලතුංගාරාමයේදි පැවත්විණි.

මාතලේ ප්‍රාදේශීය සභාවේ සභෘපති කපිල බණ්ඩාර හේන්දේණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේ දි බෝ වන රෝග පිළිබඳ බටහිර වෛද්‍ය සායනය, කොරෝනා මර්ධන එන්නත් ලබා දිමේ වැඩසටහන, ආයුර්වේද වෛද්‍ය සායනය, දන්ත වෛද්‍ය සායනය, පුස්තකාල සේවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සේවාවන්, ජාතික හැඳුනුම්පත් සකස් කිරිමට ඡායාරූප ලබා ගැනිම, පොලිස් සේවා අංශය, මහජන පැමිණිලි අංශය, සමාජ සේවා අංශය, මාර්ග නඩත්තු වැඩසටහන, වීථි පහන් නඩත්තු වැඩසටහන, ඩෙංගු මර්ධන වැඩසටහන, හිඟ ආදායම් රැස් කිරිම, පැළ බෙදා දිමේ වැඩසටහන වැනි මහජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් එකම ස්ථානයකදි ලබා ගැනිමට හැකිවන පරිදි මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වුණි.

එසේම මෙම සියළු සේවාවන් නොමිලේ මහජනතාව වෙත ලබා දෙන ලදි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *