විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී සිදුකළ ප්‍රකාශ සහ ඔහුගේ දේශපාලන හැසිරීම දැඩි ලෙස විවේචනය කරමින් නිරුක්ෂ කුමාර මහතා අදහස් දක්වා තිබේ. ඉන්දියානු සාගරයේ සිදුවූ සබ්මැරීන ප්‍රහාරය වැනි ජාත්‍යන්තර සිදුවීම් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා දක්වන උනන්දුව හාස්‍යයට ලක් කරමින් ඔහු පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ හිසට “ටෝපිඩෝ” ප්‍රහාරයක් වැදී ඇත්දැයි සැක සහිත බවයි.
දැනට රටේ පවතින උණුසුම් කාලගුණය, අස්වැසුම ප්‍රතිලාභ සහ විදුලි කප්පාදුව වැනි ජනතාවට සෘජුව බලපාන දේශීය ප්‍රශ්න පවතිද්දී, ජාත්‍යන්තර ආරක්ෂක කරුණු පසුපස හඹා යෑම දේශපාලන විහිළුවක් බව මෙහිදී වැඩිදුරටත් අදහස් වෙයි.














