ගල් අඟුරු වංචාවට සම්බන්ධ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුවද, එම ගනුදෙනුවේ දූෂිත ස්වභාවය පිළිබඳ සත්‍ය තොරතුරු දැන් රට හමුවේ අනාවරණය වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (අප්‍රේල් 13) තිස්සමහාරාමය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
ටෙන්ඩරය හිමි වූ සමාගම ලබාදුන් ගල් අඟුරු බාල ප්‍රමිතියෙන් යුක්ත වීම හේතුවෙන්, විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ගල් අඟුරු තොගයක් භාවිත කිරීමට සිදුව ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. බලාගාර වාර්තා මගින් ද මෙම තත්ත්වය තහවුරු වී ඇති බවත්, මින් සිදුව ඇති මූල්‍ය අලාභය පිළිබඳව සත්‍යය යටපත් කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














