එකමුතුකම, දයාව සහ හවුල් උරුමය සමරමින් ‘සලාම් රාමසාන් 2026’ සංස්කෘතික උත්සවය අද (27) සන්ධ්‍යාවේ කොළඹ ග්‍රීන් පාත්හිදී ආරම්භ විය. මාර්තු 1 වනදා දක්වා දින තුනක් පුරා පැවැත්වෙන මෙම උත්සවය දිනපතා පස්වරු 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වේ. මෙහි වෙළඳ කුටි 125කට අධික සංඛ්‍යාවක් හරහා සම්ප්‍රදායික මුස්ලිම් ආහාර පාන, හැනා කලාව සහ අරාබි අක්ෂර කලාව වැනි විවිධ නිෂ්පාදන සහ සේවාවන් රැසක් ප්‍රදර්ශනය කෙරේ.














