• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල්ව ජනවරමකින් බලයට පත් කල යුතු බව සමන් රත්නප්‍රිය කියයි

1 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ වර්ථමාන නායකයා ලබන අවුරුද්දේ තියෙන පළමු මැතිවරණයෙන් ජනවරමකින් බලයට පත් කරලා මේ රටේ නායකයා බවට පත් කිරිමේ වගකීම අප ගත යුතු බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ,ඊයේ (30) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර කළාවැව ආසන බල මණ්ඩලය අමතමිනි.

එම බල මණ්ඩල රැස්වීම තලාව නගරයේ පෞද්ගලික හෝටලයකදී පැවැත්වුණු අතර, එක්සත් ජාතික පක්ෂ කළාවැව ආසන සංවිධායක අදීප අධිකාරී මහතා විසින් එම රැස්වීම සංවිධානය කර තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා,” මේ මොහොත වන විට මේ රට තියෙන්නේ බරපතල අර්බුධයක, බන්කොලොත් රටක් බවට මේ රට ප්‍රකාශයට පත් කළා, ණය ගෙවන්න බැරි රටක් බවට මේ රට ප්‍රකාශයට පත් කළා, ඒකේ ආදීනව අපි පහුගිය වසරේ දැක්කා.මේ මොහොත වන විටත් ඒ බරපතල අර්බුධයෙන් සැලකිය යුතු මට්ටමකට මිදෙන්න අපිට හැකියවක් ලැබිලා තියෙනවා.අස්වැසුම වගේ වැඩසටහන් ගෙන එන්න වෙන්නෙත් ඒ කාරණාව උඩ.ඒ වගේම මේ මොහොතේ හැමෝම කථා කරන ණය ප්‍රථිව්‍යූහගතකරණය වගේ අලුත් මාතෘකා කථා කරන්න වෙන්නෙත් මේ කාරණාව උඩමයි.එදා ගිය අවුරුද්දේ මේ මොහොත වන විට තිබුණ ප්‍රශ්න වලින් සැලකිය යුතු ප්‍රශ්ණ ගණනාවක් වර්ථාමන නායකයා නිරාකරණය කරලා තියෙනවා. 2022 ජූලී මාසයේ රජයේ සේවකයින්ට වැටුප ගෙවන්න බෑ කියලා තීරණයක් ගත්තා, ඊට කලින් මාස වල වැටුප් ගෙව්වේ මුදල් අච්චු ගහලා.මුදල් අච්චු ගැහුවම උද්ධමනය වැඩි වෙනවා, මිළ වැඩි වෙනවා, එහෙම තැනක මේ රට තිබුණේ, සරල තත්වයක් නෙමෙයි.පෝලිම් වල හිටපු මිනිස්සු 20-30 ක් පාරේ මැරුණා.පෝලිම් වල අලුත් සංස්කෘතියක් හැදුණා.එවැනි රටක් වැටුණම මේක භාර ගන්න කෙනෙක් හිටියේ නෑ,සාමන්‍යයෙන් ලෝකයේ රටවල් බංකොලොත් වුණාම ආණ්ඩුවට එරෙහි ව්‍යාපාරය ශක්තිමත් කරන්නේ විපක්ෂය, විපක්ෂ නායකයා තමයි ආණ්ඩුවේ ප්‍රධානියා බවට පත් වෙන්නේ ඊළඟට, අපේ රටේ විපක්ෂනායකවරයාට එහෙම පෞරුෂත්වයක්, එහෙම හැකියාවක් තිබුණේ නෑ, එහෙම දැක්මක් තිබුනේ නෑ, ඔහු ආණ්ඩුව භාර ගන්න භය වුණා.ආසයි -භයයි කියලා පාඨයක් හැදුනේ ඒ නිසා. මහගෙන හිටපු ඇඳුම් ඇඳගන්න බෑ භයයි.මට මතකයි තානාපතිවරු කැඳවලා මේක භාරගෙ,න උදව් කරන්න කැමතිද කියලා ඇහුවම . තානාපතිවරු කිව්වා දැන් අපි ඇතිවෙන්න උදව් කරලා තියෙනවා ඉස්සරහට අමාරුයි කියලා.විපක්ෂ නායකයා ගිහින් හැංගුණා,අභියෝගයක් භාර ගන්න බැරි විපක්ෂ නායකයෙක්ගෙන් රටට වැඩක් තියෙනවාද? තනි පුද්ගලයෙක් පාර්ලිමේන්තුවෙත් නැතිව හිටියේ, ඇවිල්ලා තමන්ගේ රට ගැන, ආත්ම විශ්වාසය, හැකියාව, දැනුම ඉස්සරහට දාලා රට භාර ගත්තා.ආණ්ඩුවක් නෑ, නමුත් දේශපාලන, ආර්ථිකය, කළමණාකරණය කළා.ඒකේ ප්‍රථිපල අපි දැන් භුක්ති විඳිමින් ඉන්නවා.පොහොර ටික දුන්නා, ගෑස් දුන්නා, ඉන්ධන දුන්නා, බඩු ටික දුන්නා.සාගතයක් එයි කියලා කිව්වා.10 000ක් මැරෙයි කිව්වා.ඒ වෙනුවෙන් ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් හැදුවා.අද ඒ තත්වය සමනය කරලා තියෙනවා.රජයේ සේවකයෝ වැඩට යනවා, වැටුප්/ දීමනා ගෙවනවා, අද තෙල් පෝලිම් නෑ, තෙල්/ගෑස් තියෙනවා.තෙල් මිළ , ගෑස් මිළ හතර වතාවක්ම අඩු කළා, වැඩි වුණ විදුලිබිල අඩු කරන්න යෝජනාව දාලා තියෙනවා.දැවැන්ත වෙනසක් මේ රටේ කරලා තියෙනවා.රට කළමණාකරණය පමණක් නෙමෙයි ජාත්‍යන්තරයත් කළමණාකරනය කරලා තියෙනවා රටට හිතකර විදිහට.ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් රටවල් 12 ක් ණය ඉල්ලුවා පහුගිය කාළයේ, පකිස්ථානය ඉල්ලුවා, බංගලාදේශයට පමණයි ජනවාරී මාසේ දුන්නේ, රටවල් 11 ම ප්‍රතික්ෂේපයි ලංකාව තමයි ඉස්සරහට ආවේ.මේ සාධණීය වෙනස්කම් ඒ ගොල්ල කියන නිසා කරන දේවල් නෙමෙයි, එක එක්කෙනා එක එක ඒවා කියනවා, ඒ කියන ඒවා අපිට වැඩක් නෑ, රට ඉස්සරහට ගෙන යන, රටට සුභදායි වෙනස්කම් කරමින්, ජාත්‍යන්තර සහයෝගය දිනා ගන්න රටක් බවට මේ රට පත් වෙලා තියෙනවා.
රට වෙනස් කරන, ලෝකය විශ්වාස කරන නායකයෙක් මේ රට භාර ගෙන තියෙනවා කියන කාරණය ලෝකයේ මිනිස්සු තේරුම් අරන් තියෙනවා.මේ වෙනස්කම් ගෝචර නොවන කණ්ඩායමකුත් මේ රටේ ඉන්නවා.ඒ අය රට දියුණු වෙනවාට, රට වෙනස් වෙනවාට කැමති නෑ, රට හුස්ම ගත්තොත් ඒ ගොල්ලන්ගේ දේශපාලන හීන සැබෑ වෙන්නේ නෑ, මහගෙන ඉන්න ඇඳුම් ඇඳගන්න බෑ, ඒ හින්දා තමයි කකුලෙන් අදින්නේ.
මේ රටේ දුප්පතුන්ට සලකන්න, වැඩපිළිවෙලවල් ගණනාවක් ඉතිහාසයේ ඉඳලා ක්‍රියාත්මක වුණා, පහුගිය කාළයේ ක්‍රියාත්මක වුණේ සමෘද්ධි සහනාධාරය,සමෘද්ධීය ගන්න පවුල් අපේ රටේ ලක්ෂ 17 ක් ඉන්නවා.ඒ වගේම වැඩිහිටි ආධාර ගන්න, වකුගඩු ආධාර ගන්න, ආබාධිත අය පන් ලක්ෂ දහසය දාහක් ඉන්නවා.මේ දෙක එකතු වුණාම ලක්ෂ 22 ක් විතර ඉන්නවා.ඒ වගේම සමෘද්ධිය නොගත යුතු අයත් සමෘද්ධිය ගන්නවා කියලා අපි දන්නවා.සමහර අය අපිට වාර්ථා කරලා තියෙනවා සමෘද්ධියට නම දාලා, එක දිගට මාස හයක් විතර සමෘද්ධි ආධාරය නොගෙන, මාස 06 ක් එකතු කරලා අරගෙන පොලී කරන අයත් ඉන්නවාලු.දේශපාලන හිතවත්කම් මත සමෘද්ධි සහනාධාරය දීපු අවස්ථා සැලකිය යුතු ප්‍රමාණයක් දීපූ අවස්ථා තියෙනවා කියන එකත් වාර්ථා කරලා තියෙනවා.මේ තත්වය නිවැරදි කරන්න ඔ්න, සමෘද්ධිය දිය යුතු අය එළියේ ඉන්නවා, එ මිනිස්සුන්ට දිය යුතුයි.වර්ථමාන ආර්ථික අර්බුධයේ ඵල විපාක ලෙස ලක්ෂ 05 කට රැකියා නැති වුණා, ඒ අය‌ගේ පවුල්, ඒ අයගේ ජීවිත රැක ගන්න ඔ්න .සංක්‍රාන්ති කියලා ලක්ෂ 04 ක් දාලා තියෙන්නේ ඒ අය.සමහර අය පොඩි පොඩි රැකියා අරගෙන ජීවත් වෙන අය ඉන්න පුලුවන්.දෙන්න ඔ්න අයට දෙන්න ඔ්න, නොදිය යුතු අයට දීලා තියෙනවා නම් ඒක නවත්වන්න ඔ්න, දිය යුතු අයට සහනය වැඩිපුර දෙන්න ඔ්න, එකයි අස්වැසුමේ අදහස.අස්වැසුම යටතේ රුපියල් 2500 සිට රුපියල් 15000 දක්වා ගෙවීම කරනවා.අස්වැසුම නරකද? නරක මේ ලේඛණ හදපු ප්‍රශ්නය.ඇයි නරක් වුණේ? සමෘද්ධි වැඩසටහන දියත් කරන්නේ ප්‍රාදේශීය ලේකම්ලා හරහා.ඒකට සමෘද්ධි නිළධාරී කියලා කණ්ඩායමක්ම බඳවාගෙන ඉන්නවා, අපේ ග්‍රාම සේවා නිළධාරීනුත් ඉන්නවා.මේ වැඩේ හරියටම කරන්න පුලුවන් ඒ අයට, 2002 ගහපු පනත ක්‍රියාත්මක කරේ මේ සංගණනයට, අද-ඊයේ ගහපු පනතක් නෙමෙයි මේක.මේ සේරම කුණු රනිල් වික්‍රමසිංහගේ ඇඟට දාන්නනේ හදන්නේ.මේ පනත 2002 ගහපු එකක් ක්‍රියාත්ම කකරන්න බැරි වුණා අනෙක් අයට, සමෘද්ධිය අලුත් කරන්න ඔ්න කියලා තීරණයක් ගත්තා.ඒ අනුව මේ සංඛාව තෝරන්න කියලා කිව්වා.නමුත් ඒ වගකීම විවිධ කාරණා උඩ සිද්ධ වුණේ නෑ, ඒකයි ප්‍රායෝගික තත්වය, ඒකෙදී, වැරදි සිද්ධ වුණ බව තිබුණා කලින් ලේඛණ වල, ඒ වැරදි නිවැරදි කරන්න කියලා කිව්වා.සත්‍ය නොවන ආකාරයට වැරදි තොරතුරු ඉදිරිපත් කරනවා නම් ඒ අයට විනය කාරණාවලට ලක් වන්නට සිදු වෙනවා කියලත් ගැසට් එකේ තිබුණා.රාජ්‍යය සේවය එහෙමයි, රාජ්‍යය සේවයේ වැඩියෙන් වැටුප් ගෙව්වොත්, වැඩියෙන් දීමනා ගෙව්වොත් කපනවා.ආයතන සංග්‍රහයේ තියෙන්නේ එහෙම.මූල්‍ය රෙගුලාසිවල තියෙන්නෙත් එහෙම.ඒක අලුත් නීතියක් නෙමෙයි.අපි හරියට වැඩ කරන්න ඔ්න රජයේ සේවකයෝ විදිහට වැරැද්දක් වුණොත් ඒකට විනය කාරණාවක් තියෙනවා. මේ ලේඛණ හරියට හදන්නයි ඔ්න, නමුත් ඒක වුණේ ණෑ, වුණේ නැති වුණාම ආණ්ඩුවට මේක නවත්වන්න බෑ.ලෝක බැංකුව ආධාර දුන්නා, වැඩියෙන් මේක ගෙවන්න කිව්වා, රුපියල් බිලියන 208 ක් මේකට වෙන් කළා.ඉතින් මිනිස්සුන්ට සහන දෙන්න ඔ්න, ආණ්ඩුව විකල්ප වැඩපිලිවෙලකට ගියා.සංවර්ධන නිළධාරීන් යොදා ගත්තා, ඒකෙත් සමහර අය බලපෑම් කරලා කොටසක් අයින් කර ගත්තා.සංවර්ධන නිළධාරීන් මදිවෙන කොට ඒකට ස්වෙච්ඡා සේවකයින් යොදා ගත්තා.ලේඛණ හැදුවා, පළමුවැනි වටයේදී ලක්ෂ 12 යි ආවේ, මේකේ අඩුපාඩු තියෙනවා, මේක අවසන් ලේඛණය නෙමෙයි.මේක ලේඛණයක් විදිහට පිළිගන්නවා, මේකට අභියාචනා ඉදිරිපත් කරන්න කියලා කිව්වා.අපි දැක්කා සමහර අම්මලා- තාත්තලාගේ කඳුලු, දුක- වේදනවා, ඒක සමනය කරන්න ඔ්න, ඒකට ගැටලුවක් නෑ.මේ ලක්ෂ 12 න් වැරදි ඒවා තියෙනවා නම් ඉවත් කරන්න ඔ්න, නොදීපු අය එළියේ ඉන්නවා නම් ඒ අය ඇතුළත් කරන්න ඔ්න, නොදීපු අය 283000 ක් අභියාචනා ඉදිරිපත් කරලා තියෙනවා.ඒක සොයලා බලලා පිළිගන්න ඔ්න, විරෝධතා තියෙනවා 5300 ක් එක නිවැරදි කරනවා.සමහර විරෝධතා සලකන්න ඔ්න ඒවා වෙන්න පුලුවන්, සමහර නොසලා හරින්න ඔ්න ඒවා වෙන්න පුලුවන්.ඒකට අවස්ථාව දීලා තියෙනවා ජූලි මාසේ 10 වැනිදා වෙනකල්. ඒකට මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අවස්ථාව දුන්නා කියලා පොඩි ඝෝෂාවක් තිබුණා.රට යන්න ඔ්න ඉස්සරහට, තමුන්නාන්සේලාට මතකයි තෙල් ප්‍රශ්නය ආව වෙලාවේ, කේත අංක ක්‍රමයකට අපි පුරුදු වෙලා හිටියේ නෑනේ.භාවිතා කරන ප්‍රමාණය අඩු කරන්න ඔ්න, තාක්ෂණය පාවිච්චි කරන්න ඔ්න, කේත අංක ක්‍රමයක් හැදුවා, ඒ ක්‍රමයට පුරුදු වුණානේ හැමෝම.ප්‍රශ්න තියෙනවා. 100 ක් ගත්තම 90 ක් කරනවා නම් 10 යි නම් ප්‍රශ්නය තියෙන්නේ, 10 ට විකල්පයක් දෙන එකයි කරන්න ඔ්න, 90 අලුත් ක්‍රමයත් එක්ක අරගෙන යන්න ඔ්න, එහෙම නැතිව රට ලෝකයට අරගෙන යන්න බෑ.එහෙම රට අරගෙන යන්න පුලුවන් ගුහාවකට.ගුහාවල යන්න අපි ලෑස්ති නෑ, අපි යන්නේ ලෝකයට, අලුත් තාක්ෂණයත් එක්ක.ඒක අමාරු අයට කිව්වා අභියාචනා ලියලා ප්‍රාදේශීය ලේකම්ට දෙන්න කියලා.එකත් අමාරු නම් අතින් ලියපු අභියාචනයක් ප්‍රාදේශීය ලේකම්ට දෙන්න කියලා.ඒකෙනුත් අසාධාරණයක් වෙනවා නම් එකේ පිටපතක් එවන්න ජනාධිපති ලේකම් කාර්යාලයට.අපි ඒකට වගකියනවා.මොනම හේතුවක් හින්දවත්, ලැබෙන්න ඔ්න මිනිහෙකුට,මේ රටේ පුරවැසියකුට, එක නොදී ඉන්න අදහසක් වර්ථමාන ආණ්ඩුවේ නෑ, වර්ථමාන නායකයාගේ නෑ, ලක්ෂ 24 කට දෙන්න සැලසුම් කරලා තියෙන්නේ.දැනට තියෙන්නේ 22 යි, 24 ක් දෙන්න සැලසුම් කරලා තියෙනවා.කාගෙවත් අඩුවක් නෑ, මේ වැඩේ හරියට කළා නම් මේ ප්‍රශ්නය එන්‌නේ නෑ, නමුත් ඒ වගකීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා.නමුත් දැන් ලේඛණය හදාගෙන ඉස්සරහට යන්න ඔ්න. කිසිවකුට මේ සහනාධාර ක්‍රමය ඇතුලේ අසාධාරණයක් වෙන්න ඉඩ දෙන්‌නේ නෑ,
ජනාධිපතිතුමන් , පසුගියදා ඇමතිවරු ඇතුළු ප්‍රධානීන් කැඳවලා පැහැදිලිවම කිව්වේ අස්වැසුම දිය යුතු හැම කෙනෙකුටම දෙන්න, කිසිම කෙනෙකුට නොදී ඉන්න ලෑස්ති වෙන්න එපා කියලා.ඒ කාරණය පිළිබඳව විශ්වාසය තියාගන්න, විශ්වාසය නොතිය විකල්පයකුත් මේ රටට නෑ, ඒකත් මතක තියාගන්න, විකල්පයක් තිබුණද? කවුද මේක භාර ගත්තේ, හොම්බෙන් ගියපු රට, කඩාකප්පල් වෙච්ච රට, බංකොලොත් වෙච්ච රට, වෙන විකල්පයක් නෑ රනිල් වික්‍රමසිංහ හැර, ඔහුගේ ආර්ථික දර්ශනයත් එක්ක අපි ඉස්සරහට යන්න ඔ්න,

අපේ රට ණය ගත්තා, එවා හරියට යෙදෙව්වාද – නැද්ද ? කියලා ඒවත් කථා කරන්න ඔ්න, හැබැයි ඒක කථා කර කර ඉන්න වෙලාව නෙමෙයි මේ වෙලාව, විදේශ රටවල් අ‌පේ බෙල්ල මිරිකන්න බලන් ඉන්නවා ණය නොගෙව්වොත්, ඒක බේරා ගන්න ඔ්න මුලින්.රට ඇතුලෙත් ණය අරන් තියෙනවා, ඒකත් බේරා ගන්න ඔ්න,අපි ලෝකයෙන් ණය අරන් තියෙනවා දළ වශයෙන් බිලියන 12 000 ක් , රට ඇතුළෙන් ණය අරන් තියෙනවා බිලියන 15 000 ක් , ට්‍රිලියන විදිහට ගත්තොත් ට්‍රිලියන 27 යි.ඊ.පී.ඒෆ් එකෙන්, ඊ.ටී.එෆ් එකෙන්. ණය ගෙවන්න බැහැ කියලා පාර්ලිමේන්තුවට නොකියා කිව්වා කියනවානේ අජිත් නිවාඩ් කබ්රාල් මහත්තයා.රට බංකොලොත්, එතකොට ණය ගෙවන කාළය තමයි වැඩි කර ගන්න ඔ්න. ගෙවන්න ගියොත්, බෙහෙත් ටික, තෙල් ටික, ගෑස් ටික නෑ. අංක එකට ජීවත් වෙලා ඉන්න ඔ්න, පොලිය අඩු කරගෙන සහන කාළය වැඩි කර ගන්න ඔ්න, ලෝකයට එහෙම කිව්වම, ලෝකය කියනවා හරි අපි ලෑස්තියි තමුසෙලාට උදව් කරන්න හැබැයි තමුසෙලා මේක ඇතුලෙන් ගත්ත ණය ප්‍රථිව්‍යුහගත කරනය කරන්න කියනවා.විපක්ෂ නායකයා කිව්වා පහුගිය සතියේ ජාතිය අමතන්න කියලා නායකයාට.නායකයා ජාතිය ඇමතුවා.මේක පැහැදිලි කළා.සමහර විට තේරෙන්නේ නැතිව ඇති.සමහර නායකයොන්ට වඩා මිනිස්සුන්ට මේක තේරෙනවා, එකයි මිනිස්සු පාරට එන්නේ නැත්තේ, පාරට එන්න කියනවානේ නිතරම.රට ඇතුළේ තියෙන ණයත් යම් ප්‍රමාණයකට කළමණාකරනය කර ගන්න ඔ්න,හැබැයි ඒකෙදී මිනිස්සුන්ට අසාධාරණයක් වෙන කිසිම දෙයකට අත තියන්නේ නෑ කියන ස්ථාවරය නායකයා ප්‍රකාශ කරලා තියෙනවා.පසුගියදා බැංකු ප්‍රධානීන් කැඳෙව්වා, බැංකු වලට කිව්වා කරන්න ඔ්න විදිහ, වෘත්තීය සමිති කැඳවලා කිව්වා භය වෙන්න එපා මෙහෙම කරන්නේ නෑ කියලා.ඊ.ටී.එෆ් එකට, ඊ.පී.එෆ් එකට අත තියන්නේ නෑ, ඒකේ පොලිය 9% යි, පොලිය ස්ථාවර කරනවා කියලා කිව්වා. තලියේ කිඹුල්ලු දකිනවා වගේ දකින්න එපා කිව්වා.ඒවා කිව්වට වැඩක් නෑ වසන්ත සමරසිංහ ගිහින් නඩුවක් දැම්මා, නඩු දාන එකේ අරමුණ මොකක්ද? තෙල් ප්‍රශ්නය වෙලාවේදී අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් නඩු දැම්මාම, ඒ සමාගමෙන් තෙල් ගන්න එක නතර වුණා.ඊට පස්සේ මාස 02 ක් විතර වැඩි මිළට තෙල් ගන්න වුණා.සහනය නැති වුණා.නඩු දැම්මාම හිර වෙනවා.මේකත් කලේ ඒකටම තමයි.නඩු දැම්මාම හිතුවේ ණය ප්‍රථිව්‍යූහගතකරණ ක්‍රියාවලියම නවත්වන්න.ආපහු අ‌පේ රට හොම්බෙන් යන තත්වයට පත් කරන්න උත්සහ කලේ.හැබැයි පාර්ලිමේන්තුවේ ඒකට ඉඩක් නෑ.
ණය ප්‍රතිව්‍යූහගතකරණය කියන එක අධිකරණයට අදාළ කාරණාවක් නෙමෙයි, කියන එක නායකයා කිව්වා.මේක පාර්ලිමේන්තුවට අදාළ කාරණයක්, ඒක පාර්ලිමේන්තුවේදී තමයි විසඳන්නේ.අපි හිතනවා මේ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන්න පුලුවන් වෙයි කියලා.ඒ නිසා කවුරුත් භය වෙන්න ඔ්නකමක් නෑ, තමන්ගේ ඉතුරුමට, ස්ථාවර තැන්පතුවට, මේක කැපෙයි, මේක නැතිවෙයි, පෝලිමේ ගිහින් මේක ගන්න, එහෙම මතයක් තමයි යටින් හැදුවේ.අපි භය වෙලා මහබැංකුවේ අධිපතිවරයා කැඳවලා රෑ 7.30 ට මාධ්‍ය සාකච්ජාවකුත් තිබ්බා.මමමයි මාධ්‍ය යැව්වෙත්.මේවට ඉක්මන් උත්තර ඔ්නනේ, උත්තරය පැසෙව්වොත් එහෙම අමාරුයි.පැසවනකල් තමයි බලන් ඉන්නේ කට්ටිය.අද වන විට මිනිස්සු කළබල නෑ,
පෙරේදා මාත් එක්ක වාඩි වුණා අපේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයා නලින්ද ජයතිස්ස, එයා කිව්වා මේක බරපතල ප්‍රශ්නයක් බැංකු වහනවා, කොටස් වෙළඳපල වහනවා දවස් 05 ක්, 04 වැනිදට අපි මීනිස්සු පාරට ගේනවා කියලා කිව්වා.අස්වැසුම වෙලාවේදීත් අපි දැක්කා ගම්පහ මන්ත්‍රීවරයෙක් මිනිස්සු පාරට ගෙන ආවා.ඒවා වැඩක් නෑ, තව දවස් 2-3 ක් යන‌කොට අස්වැසුම ඉවර වෙනවා.දෙනවා උපරිමයෙන්.අස්වැසුම මාස 06 කට වරක් නැවත අයදුම්පත් කැඳවනවා.ඊළඟ මාස 06 දී අලුතෙන් රැකියා නැති වෙන්න පුලුවන්, අවුරුදු 03 ක් එක දිගට දෙන්න නියමිතයි.
එයා කිව්වා 04 වැනිදා මිනිස්සු පාරට ගේනවා කියලා, මං කිව්වා ලෑස්තියි කියලා.පාරට දාපු හුඟක් ඒවා අපි ඇතුළට දැම්මා පහුගිය කාළයේ.අපි භය නෑ, අපි භය නැත්තේ අපිට අරමුණක් තියෙනවා, මේ රට ගොඩගන්න අරමුණ.මේ වෙලාවේ මේක කරන්න බැරි වුණොත්, ආපහු මේ රට ලිබියාව පැත්තට යන්නේ.මේ රට ඉස්සරහට යනවා, පස්සට යන්නේ නෑ, නායකයාට ඉදිරි දැක්මක් තියෙනවා.භය නෑ, ඒ නිසා විශ්වාසය තියාගන්න.
ණය ප්‍රථිව්‍යූහගතකරණය කරන්නේ රටේ හොඳට, භාණ්ඩ මිළ, ගෑස් මිළ, ඉන්ධන මිළ අඩු කළා, අලුත් අණ-පනත් ගේනවා, දූෂණ විරෝධි පනත ගෙන ආවා, මැතිවරණ වියදම් නියාමන පනත ගෙන ආවා හැම නීතියක්ම අලුත් කරලා, වෘත්තීය සමිති වලට කම්කරු නීතී-රීතී අලුතෙන් හදන්න හදනවා.රට ඉස්සරහට යනවා.යල්පැණ ගිය දේවල් පැත්තකට දාලා අලුත් දේවල් අරගෙන අපි ඉස්සරහට යන්න ඔ්න, පාඩු ලබන ආයතන ප්‍රථිව්‍යූහගතකරණය කරන්න ඔ්න අනිවාර්යෙන්,‌
ජී.එල් පීරිස් මහත්තයා ගිය සතියේ කියනවා දවස් 05 ක් රට වහලා මේ හදන්නේ ඇස්බැන්දුමක් කරන්න කියලා, සජිත් ප්‍රේමදාසත් කිව්වා.මිනිස්සු කළබල නෑ, ගම්මන්පිළත් එහෙම කථාවක්ම කිව්වා, මේ රට වැටුණා නම් පහුගිය ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය උඩ ජී.එල් පීරිස් මහත්තයා ඒ ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක්, එයාට අත හෝදාගන්න පුලුවන්ද? ඒ කරපු පාපය වර්ථමාන නායකයාට දාන්න පුලුවන්ද ? සුනාමි එනකොට මුලින්ම තේරෙන්නේ සත්තුන්ට, සත්තු ගිහින් බේරෙනවා, මිනිස්සු යනවා මුහුද බලන්න, මිනිස්සු ගොදුරු බවට පත් වෙනවා.කණ්ඩායමක් ආණ්ඩුවෙන් එළියට බැහැලා කියනවා ආණ්ඩු කරවන අයගේ වැරැද්දයි, නායකයාගේ වැරැද්දයි කියලා, සියලු පාපකර්ම වලට උදව් කලේ ඒ ගොල්ල ඇමති ධූර දරාගෙන ඉතිහාසයේ.මේ මාස 3-4 කට කලින් එළියට පැන්නේ.දැන් මේ රටට නායකයෙක් ඉන්න බව මිනිස්සුන්ට තේරෙනවා, ගිය අවුරුද්දේ නායකයෙක් හිටියාද මේ රටේ, මේ රටේ වර්ථමාන නායකයා ලබන අවුරුද්දේ තියෙන පළමු මැතිවරණයෙන් ජනවරමකින් බලයට පත් කරලා මේ රටේ නායකයා බවට පත් කිරිමේ වගකීම අපි ගන්න ඔ්න, ඊට පස්සේ පෝලිමට අපිට පුලුවන්, පාර්ලිමේන්තු , පළාත් සභා, පළාත් සභා දිනාගෙන ඉවර කරන්න යැයි සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු පාක්ෂිකයින් විශාල පිරිසක් සහභාගී වූහ.

 

 

 

තිසර සමල් සෝමරත්න – අනුරාධපුර

 

Post Views: 6
Previous Post

දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට

Next Post

රටත් රාජ්‍යයත් දෙකම අහිමි කරන රනිල්ගේ ගමන නතර කල යුතුයි – මන්ත්‍රී විමල්

editor

editor

Next Post

රටත් රාජ්‍යයත් දෙකම අහිමි කරන රනිල්ගේ ගමන නතර කල යුතුයි - මන්ත්‍රී විමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved