27 April 2024
#දේශීය

දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට

දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය හෙට (01) පමණක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදය අංශය පවසයි.

මේ අනුව හෙට (01) පෙ.ව 9.30 සිට ප.ව 7.30 දක්වා එම යෝජනාව විවාදයට ගැනීමට නියමිත අතර ඡන්ද විමසීමක් ඉල්ලා සිටියහොත් එය ප.ව 7.30 ට පැවැත්වෙනු ඇත. මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද සහභාගී විය.

මේ අතර ලබන සතියේ 4 වැනි අගහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවත්වීමට මෙහිදී තීරණය වූ බවද මහලේකම්වරිය පැවසීය. මේ අනුව පාර්ලිමේන්තුව ලබන සතියේ 5,6 සහ 7 යන තෙදින පමණක් රැස්වීමට නියමිතව තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *