අතීතයේ සිටි සෑම රාජ්‍ය නායකයෙකුම වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රටට දැවැන්ත සංවර්ධන වැඩ කොටසක් ඉටුකර ගමට ගියද, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රටට පෙන්වීමට කිසිදු සංවර්ධනයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.
කළුතරදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, තමන්ගේ ආණ්ඩුවේ අසාර්ථකත්වය සහ හිස්බව වසා ගැනීමට නොහැකිව අනුර දිසානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමේ දේශපාලන නාඩගමක් රඟදක්වන බවයි. කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් හෝ වැඩක් නොකර හිස් අතින් ගමට යන ප්‍රථම ජනාධිපතිවරයා ලෙස වත්මන් නායකයා ඉතිහාසයට එකතු වන බවද හෙතෙම වැඩිදුරටත් දැඩි ලෙස අවධාරණය කළේය.














