ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40ක් සපිරීම නිමිත්තෙන් ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා ඕමානයේ බුරෙයිමි හි පිහිටි සාරා ක්ෂේම භූමිය තුළ ශ්‍රී ලංකාවේ පලතුරු පැළයක් රෝපණය කරයි.
ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පසුගිය 21-22 යන දිනවල ඕමාන් සුල්තාන් රාජ්‍යයේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි අල් බුරෙයිමි ආණ්ඩුකාර බල ප්‍රදේශය තුළ දෙදින නිල සංචාරයක නිරත විය.
එතුමා අල් බුරෙයිමි හි ආණ්ඩුකාරවරයා වන සයිඩ් ආචාර්ය හමාඩ් බින් අහමඩ් බින් සෞද් අල් බුසයිඩි මහතා හමුවී ඵලදායී ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වූ අතර, මෙම වසරේ යෙදෙන ශ්‍රී ලංකාව සහ ඕමාන් සුල්තාන් රාජ්‍යය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 40 වැනි සංවත්සරය නිමිත්තෙන් නිකුත් කරන ලද සමරු ලාංඡනයක් ද පිළිගැන්වී ය.
මෙම සංචාරය අතරතුර දී, තානාපති අමීර් අජ්වාඩ් මහතා අල් බුරෙයිමි හි වාලිවරයා වන ෂෙයික් ආචාර්ය හිලාල් බින් අලි අල් හබ්සි මහතා සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ රෝපණය කෙරුණු ලාවුළු (canistel fruit) පැළයක් අල් බුරෙයිමි ප්‍රදේශයේ පිහිටා ඇති වසර 3,000ක් ඉපැරණි ෆලාජ් අල් සරානි වාරි පද්ධතිය වෙතින් ජලය ගෙන එන සම්ප්‍රදායික වාරිමාර්ග පද්ධතියක් (ෆලාජ්) වන සාරා ක්ෂේම භූමිය තුළ රෝපණය කළේ ය.
ශ්‍රී ලංකාව සහ ඕමාන් සුල්තාන් රාජ්‍යය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවෙන් ගෙන එනු ලැබූ මෙම පලතුරු පැළය ඕමානයේ මෙම ඓතිහාසික ක්ෂේම භූමිය තුළ රෝපණය කොට ඇත. ෆලාජ් අල් සාරනි ඉන්ජිනියරින් හි කළමනාකරු වන ටලීබ් අහමඩ් අල් ජබ්රි මහතා ද මෙම විශේෂ අවස්ථාවට සහභාගී විය.