• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සමාජ ආයෝජන සමාගම ලෙස සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී ඓතිහාසික වසරක් වාර්තා කරයි

20 July 2022
in දේශීය

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි (CSE) ලැයිස්තුගත කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාජ ආයෝජන සමාගම බවට පත්වෙමින් සහ 2021-22 මූල්‍ය වර්ෂය සඳහා මේ දක්වා එහි ඉහළම ලාභය වාර්තා කරමින් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (SDF) ඓතිහාසික වසරක්, 2021 දී වාර්තා කරයි.

මෙහිදී, සමාජ ආයෝජන සමාගමක් යනු මූල්‍ය ප්‍රතිලාභ උත්පාදනය කිරීමට අමතරව, ප්‍රයෝජනවත් සමාජ හෝ පාරිසරික ප්‍රතිඵලවලට සහාය වීමට විශේෂයෙන් මැදිහත්ව කටයුතු කරන සමාගමක් ලෙස අර්ථ දැක්විය හැකිය.

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (SDF) විසින් වර්ෂ 2021 නොවැම්බර් 23 වැනි දින CSE හි ප්‍රධාන පුවරුවේ ලැයිස්තුගත වූයේ, රු.බිලියන 1ක මූලික මහජන කොටස් නිකුතුවක් (IPO) සමගිනි. එහිදී, පවතින ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාව නොතකා, සර්වෝදය ව්‍යාපාරයේ මූල්‍ය සේවා අංශය කෙරෙහි ආයෝජකන්ගේ උනන්දුව සහ විශ්වාසය ඉහළ මට්ටමක පවතින බව තහවුරු කරමින්, එම මූලික මහජන කොටස් නිකුතුව මධ්‍යහනය වනවිට අධි ඉල්ලුමක් වාර්තා කරන ලදී.

එමෙන්ම, සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සතුව ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා අරමුදල් යෙදවීමට කටයුතු කළ සහ දැනටමත් කටයුතු කෙරෙන යාන්ත්‍රණයක් පවතී. ඉන් බහුතරයක් බස්නාහිර පළාතෙන් පිටත පිහිටා ඇත.

එනම්, සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ශාඛාවන්ගෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් දැනටමත් පිහිටා ඇත්තේ බස්නාහිර පළාතෙන් බැහැරවය. එහිදී, සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සිය අවසාන සේවාදායකයා වෙත අරමුදල් සැපයීම සඳහා සර්වෝදය ශ්‍රමදාන සමිති 5,400ක් සමගද ක්‍රියා කරමින්, ග්‍රාමීය ව්‍යවසායකයන් සඳහා ඉතුරුම් විකල්ප මෙන්ම, ව්‍යාපාර පුහුණුව සහ වෙළෙඳපොළ සංවර්ධන ක්‍රියාකාරකම්ද ඇතුළත් වන අනෙකුත් ආධාරක සේවාවන්ද නොමසුරුව සපයයි.

එසේම, සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් හි ණය ලබාදීමේ ක්‍රියාකාරකම් සර්වෝදය මූලධර්ම මගින් වඩාත් විධිමත් පාලනයකින් යුතුව සිදුකෙරෙන බව සඳහන් කළ යුතුය. ඒ අනුව, සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාජ විරෝධී සහ/හෝ මානුෂීය නොවන ක්‍රියාකාරකම් සඳහා ණය ලබාදීමක් සිදු නොකරයි. මෙසේ බැහැර කරන ලද ව්‍යාපාර අංශවලට මස් මාංශ අලෙවි සැල්, මත්පැන් ආශ්‍රිත ව්‍යාපාර, මත්ද්‍රව්‍ය සහ සූදු ව්‍යාපාර ආදිය ඇතුළත් වේ.

ඓතිහාසික මූල්‍ය කාර්ය සාධනයක්

රුපියල් බිලියන 1ක නව කොටස් නිකුතුව සමග සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් හි ව්‍යවස්ථාපිත අවම ප්‍රාග්ධන අවශ්‍යතාව වූ රුපියල් බිලියන 2.5ක අගය වඩාත් සුවපහසු ලෙස ඉක්වමවින්, SDF හි ප්‍රාග්ධන පදනම රුපියල් බිලියන 3.1ක් දක්වා ඉහළ නංවා ඇත.

එසේම, 7% ක අවම ව්‍යවස්ථාපිත අවශ්‍යතාවට සාපේක්ෂව, මූලික ප්‍රාග්ධන අනුපාතය 27.37%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, 11%ක අවම ව්‍යවස්ථාපිත අවශ්‍යතාවට සාපේක්ෂව, සමස්ත අවදානම් මත බර තැබූ ප්‍රාග්ධන අනුපාතය 28.62%ක් ලෙස දැක්වෙයි.

එහිදී, නව ප්‍රාග්ධනය සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් වෙත වසරේ අවසාන කාර්තුවේ ව්‍යාපාරික කටයුතු ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරීමටද පහසුවක් විය. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 21ක් පූර්ණ සේවා ශාඛා බවට උසස් කරමින්, ශාඛා ජාලය 51ක් දක්වා පුළුල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලැබීමද ව්‍යාපාර වර්ධනයට රුකුලක් විය.
එමෙන්ම, ණය කලඹේ වර්ධනයෙන් උත්තේජනය වූ සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් විසින් රුපියල් මිලියන 215.5ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර ඇති අතර, එය පෙර වසරේ වාර්තා වූ රුපියල් මිලියන 183.3ක බදු ගෙවීමෙන් පසු ලාභයට සාපේක්ෂව 17.5%ක වර්ධනයකි.

වර්ෂය තුළ සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් හි සමස්ත ණය ලබාදීම් 25.03%කින් වර්ධනය වී ඇත. එහිදී කෘෂිකාර්මික අංශය ණය කලඹෙන් විශාලතම ප්‍රතිලාභියා ලෙස වර්ෂය තුළදී සමස්ත ණය ලබාදීම්වලින් 48%ක් හෙවත් රුපියල් බිලියන 3.91ක් පාරිභෝගිකයන් වෙත පිරිනමා ඇත. මෙය පෙර වසරට වඩා 87%ක වර්ධනයකි.

මේ ජයග්‍රාහී ගමන සම්බන්ධයෙන් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (SDF) සභාපති චන්න ද සිල්වා මහතා අදහස් දක්වමින්, “මූලික මහජන කොටස් නිකුතුවෙන් (IPO) පසුව සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් හි ණය පිරිනැමීම ඉහළ ගොස් තිබෙනවා. එහි සැලකිය යුතු කරුණ වන්නේ, සමාගමේ මුළු ණය ලබාදීම්වලින් 90%කට වඩා ප්‍රමාණයක්, වත්කම් පිටුබලය සහිත ණය මුදල් නිසයි. ඒ වගේම, 2021-22 මූල්‍ය වර්ෂය සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් අවසන් කරනු ලැබුවේ, මේ අභියෝගාත්මක සන්ධිස්ථානය තුළ රටේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහාය වීමට ඇති සැබෑ හැකියාව ප්‍රදර්ශනය කිරීමෙන් බවද සිහිපත් කළ යුතුයි. එහිදී, සර්වෝදය ව්‍යාපාරයේ මූල්‍ය සේවා අංශය ලෙස, ජාතිය වෙනුවෙන් ධනය උත්පාදනය කිරීමට හැකි සෑම දෙයක්ම කිරීමට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් කැපවී සිටිනවා. ඉන් නොනැවතී, නව මූල්‍ය වර්ෂයේදී රටේ ව්‍යවසායකයන්ට තවදුරටත් සහාය දැක්වීමටද අප බලාපොරොත්තු වෙනවා.” යැයි පවසා සිටියේය.

 

පිටපත – PR

 

Post Views: 27
Previous Post

පාසල් ආරම්භ කිරීම ලබන සදුදා සිට – අධ්‍යාපන අමාත්‍යංශය

Next Post

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved