27 April 2024
#දේශීය

පාසල් ආරම්භ කිරීම ලබන සදුදා සිට – අධ්‍යාපන අමාත්‍යංශය

පාසල් ආරම්භ කිරීම හෙට (21) දින නියමිතව පැවති නමුත් රට තුළ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය සලකා ලබන 25 වන සඳුදා දින සිට පාසල් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එලෙස පාසල් ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජය/සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලුම විදුහල්පතිවරුන් වෙත උපදෙස් මාලාවක් යොමුකර ඇති අතර, ඒ අනුව සියලු පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීමට තීරණය කර ඇත.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *