සවුදි අරාබියේ රියාද් නුවරට දකුණින් පිහිටි ප්‍රින්ස් සුල්තාන් (Prince Sultan) ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල හයක් (06) සාර්ථකව හඳුනාගෙන ගුවනේදීම විනාශ කිරීමට සවුදි ආරක්ෂක අංශ සමත්ව තිබේ. සවුදි ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් ටර්කි අල්-මලිකි (Turki Al-Maliki) මහතා අද (මාර්තු 11) මේ බව තහවුරු කළේය.
සවුදි ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් අදාළ මිසයිල හයම කඳවුරට පතිත වීමට පෙර විනාශ කර ඇති අතර, එමගින් සිදුවීමට ගිය විශාල විනාශයක් වැළැක්වීමට හැකි වී තිබේ.
ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර අමෙරිකානු හමුදා ද රැඳී සිටින කලාපයේ පවතින ඉතා වැදගත් මෙන්ම උපායමාර්ගික ආරක්ෂක මධ්‍යස්ථානයකි.
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය සහ ඉරානය සමඟ පවතින ගැටුම් මධ්‍යයේ මෙම මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ.
ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න පිළිබඳව සවුදි ආරක්ෂක අමාත්‍යාංශය මෙතෙක් නිල වශයෙන් නම් කර නොමැති වුවද, කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට සවුදි අරාබිය සූදානම් බව අල්-මලිකි මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














