ඉරානයට එරෙහිව දියත් කළ යුදමය ක්‍රියාමාර්ග එහි අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට අසමත් වී ඇති බවත්, වර්තමානය වන විට ඉරාන තර්ජනය පෙරට වඩා බරපතල වී ඇති බවත් සවුදි රජ පවුලට සමීප ආරංචි මාර්ගයක් ඊශ්‍රායල ‘Channel 12’ පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබේ.
එම ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, ඉරානයේ පවතින තර්ජනය අවසන් කිරීමට නම් ඇමෙරිකාව ප්‍රමුඛ හමුදාවල ගොඩබිම් ආක්‍රමණයක් (Ground invasion) අත්‍යවශ්‍ය වනු ඇතැයි සවුදි අරාබිය විශ්වාස කරයි. මෙම තත්ත්වය 2003 වසරේ සිදුවූ ඉරාක ආක්‍රමණයට සමාන කර ඇති එම පාර්ශවය, එහිදී අවධාරණය කර ඇත්තේ එවැනි ආක්‍රමණයකට පෙර ඉරානය සඳහා පිළිගත හැකි විකල්ප ස්ථාවර රජයක් සූදානම් කර තිබිය යුතු බවයි.
එමෙන්ම, වර්තමාන ඉරාන පාලනය වෙනුවට පත්වන නායකයා සමස්ත ඉරාන සමාජයම පිළිගන්නා අයෙකු විය යුතු බවත්, ඔහු අනිවාර්යයෙන්ම හිටපු ෂා රජුගේ පුත් රේසා පහ්ලවි (Reza Pahlavi) විය යුතු නැති බවත් එහිදී යෝජනා වී ඇත. සදාම් හුසේන්ගේ පාලනයට වඩා ඉරානය සතු න්‍යෂ්ටික අභිලාෂයන් ලෝකයට දීර්ඝකාලීන තර්ජනයක් බව ද එම වාර්තා මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.
තොරතුරු උපුටා ගැනීම: ඇසුරින්













