කොවිඩ් වසංගතයෙන් ළමුන් බේරා ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය උපකරණ තොඟයක් සංවර්ධන හා මානූෂිය වැඩසටහන්කරණයේ ප්රමුඛ සංවිධානයක් වන “Save the children” සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර ඇත.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත “Save the children” සංවිධානයේ ජාතික අධ්යක්ෂ ජුලියන් චෙල්ලප්පා මහතා ඇතුලු එම ආයතනයේ නිලධාරීන් විසින් රුපියල් ලක්ෂ 185 ක පමණ වටිනාකමකින් යුත් මෙම වෛද්‍ය උපකරණ තොඟය සංකේතවත් ව අද දින (28) පරිත්‍යාග කරන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීය.
මෙලෙස පරිත්‍යාග කර ඇත්තේ ඔක්සිජන් චිකිත්සක උපකරණ (Oxygen Therapy Equipment) සහ පුද්ගලික ආරක්ෂණ උපකරණ (Personal Protective Equipment)ය.
මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා වෛද්‍ය උපකරණ සමග හදිසි ශල්‍ය සහාය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීමකට අනුව “Save the children” සංවිධානය විසින් මෙම උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, “Save the children” සංවිධානයේ ජාතික අධ්යක්ෂ ජුලියන් චෙල්ලප්පා (Mr. Julian Chellappah) වැඩසටහන් හා මෙහෙයුම් අධ්යක්ෂ අහිලා තිලිනාදන් (Ms. Ahila, Thillainathan) මහත්මිය, ප්‍රතිපත්ති උපදේශණ සහ පර්යේෂණ අධ්යක්ෂ රංජන් වෙත්තසිංහ මහතා යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.