27 April 2024
#ක්‍රීඩා

SB – දයාසිරි යළි මෛත්‍රි ළඟට

එස්.බී දිසානායක හා දයාසිරි ජයසේකර යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනා යළි ආණ්ඩුවට එක්වීමේ සුදානමක් පවතින බව වාර්තා වේ.

ඔවුන් සම්බන්ධයෙන් ඉතා විශ්වාසනීය ආරංචි සඳහන් කර සිටියේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පිළිගැනීම එතරම් සුභ දායක නොවු හෙයින් මොවුන් මෙලෙස නැවත ආණ්ඩුවට එක්වන බවයි.

ඊයේ (19) පැවැති සාදයකදී බැසිල් රාජපක්ෂ මහතා අසල එස්.බී දිසානායක මහතා අසුන් ගෙන සිටියදී පවා ඔවුන් අතර කිසිදු කතා බහක් ඇති නොවු බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කර සිටියේ.

කෙසේ වෙතත් පසුගිය දිනවල දී පොදු ජන පෙරමුණ සමඟ පැවැති සාකච්ඡාවලදී පවා එස්.බී දිසානායක හා දයාසිරි ජයසේකර යන දෙදෙනාට කිසිදු පිළිගැනීමක් සිදු නොවු බව වාර්තා වේ.

එසේම එස්.බී දිසානායක ඇතැම් සාකච්ඡාවලදී උරන වන අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වේ.

වාර්තා වන ආකාරයට බැසිල් රාජපක්ෂ විසින් එස්.බී දිසානායක හා දයාසිරි ජයසේකර යන දෙදෙනාව ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි.

මහින්ද රාජපක්ෂ සිටින ඕනෑම තැනක තමා පැමිණෙන නමුත් බැසිල් රාජපක්ෂ සිටිනවානම් තමා එක්වීමට අකමැති බව එස්.බී දිසානායක පවා ඇතැම් අවස්ථාවලදී පවසා තිබේ.

පසුගිය දිනවලදී එස්.බී දිසානායක මාධ්‍ය වල පැවැති සාකච්ඡාවදී පවා නැවත ආණ්ඩුවට එක්වන ලකුණු පල කළ බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *