• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home වෙනත්

ඒ.ඊ.එන් පාම් ඔයිල් ප්‍රොසෙසින් සමාගමෙන් සිසුන් 650 කට දිවා ආහාරය සපයන ප්‍රජා සත්කාරයක්

22 November 2022
in වෙනත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාම් තෙල් නිෂ්පාදන සමාගමක් වන AEN Palm Oil Processing (පුද්.) සමාගම, තම ප්‍රධාන කර්මාන්තශාලාව පිහිටි ප්‍රදේශයේ වෙසෙන දරුවන් 650 දෙනෙකුට දිවා ආහාර සැපයීමේ ප්‍රජා සත්කාරයක් ආරම්භ කර තිබේ.

ඒ.ඊ.එන් පාම් ඔයිල් ප්‍රොසෙසින් (පුද්.) සමාගම සියයට සියයක් ශ්‍රී ලාංකික සමාගමක් වන අතර එහි කොටස්කරුවන් වන අගලවත්ත, ඇල්පිටිය සහ නමුණුකුල යන සමාගම් ශ්‍රී ලංකාවේ පොදු ලැයිස්තුගත සමාගම් වේ.

රටේ පවතින ආර්ථික අර්බුදයේ හමුවේ දැඩි බලපෑම් වලට ලක් වූ ජනතාවට අත්වැලක් වීමේ උත්සාහයේ එක් පියවරක් වශයෙන් මෙම ප්‍රජා සත්කාරය ක්‍රියාවට නංවා ඇත. ‘ප්‍රජා මුළුතැන්ගෙය’ සංකල්පය මූලික කරගෙන ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහනට ප්‍රදේශයේ දෙමාපියන් හා වැඩිහිටියන්ද සම්බන්ධ කරගැනීමට ඒ.ඊ.එන් පාම් ඔයිල් ප්‍රොසෙසින් සමාගම පියවර ගෙන තිබේ.

“අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල අතිවිශාල ලෙස වැඩි වී, ආහාර කාණ්ඩයේ උද්ධමනය 90% ක් දක්වා ඉහළ ගොස් තිබෙන පසුබිමක් තුළ, දෙමාපියන්ට තම දරුවන් පාසල් යැවීමට පවා අපහසු වන තත්ත්වයක් උදා වී තිබෙනවා. දරුවන්ට ආහාර සැපයීමට නොහැකි නිසා ඇතැම් දෙමාපියන් එම දරුවන් පාසල් නොයවා සිටීමට පෙළඹී සිටින බව අපට පෙනී ගියා. වගකීම්සහගත සමාගමක් ලෙස, මේ මොහොතේ ජනතාවට අත්වැලක් වීම අපගේ යුතුකමක්.

මේ ආකාරයට ප්‍රදේශයේ දරුවන් 650 කට දිනපතා සම්පූර්ණ ආහාරවේලක් බැගින් ලබාදීමට අප පියවර ගත්තේ ඒ නිසයි. රටේ අනාගතයට උරදීමේ හැකියාව සහිත වගකීම්සහගත පුරවැසියන් පිරිසක් බිහිකිරීමට නම්, අප දරුවන්ට පෝෂණය ලබා දී ඔවුන්ට නිසි රැකවරණය සැලසිය යුතු වනවා. තත්ත්වය බරපතළ වුවත්, මේ තීරණාත්මක මොහොතේ මේ ආකාරයට හෝ ජනතාවට සහනයක් සැලසීමට හැකි වීම අපට සතුටක්.” ඒ.ඊ.එන් පාම් ඔයිල් ප්‍රොසෙසින් (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුවන් ගුණවර්ධන මහතා පැවසී ය.

මෙම ප්‍රජා සත්කාරය සඳහා ඒ.ඊ.එන් පාම් ඔයිල් ප්‍රොසෙසින් (පුද්.) සමාගම මේ වනවිට මාසිකව රු. මිලියන 1.2 ක පමණ මුදලක් වෙන්කර ඇත. 2022 ඔක්තෝබර් මාසයේදී ආරම්භ වූ මෙම වැඩසටහනේ මූලික අරමුණු වන්නේ, දරුවන්ට නිසි පෝෂණයක් ලබාදෙමින්, ඔවුන්ගේ පාසල් ගමන දිරිමත් කිරීම ය. මෙම ව්‍යාපෘතිය දියත් කිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ පාසල් යන දරුවන් සංඛ්‍යාවේ පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

එමෙන්ම, ඒ.ඊ.එන් පාම් ඔයිල් ප්‍රොසෙසින් කර්මාන්තශාලාව පිහිටි ප්‍රදේශයේ දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ යහපත වෙනුවෙන් තවත් වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට සමාගම පියවර ගෙන ඇත. මීට අමතරව, සමාගමේ සමාජ සංවර්ධන වැඩසටහන් මාලාවේ කොටසක් වශයෙන් 2011 වසරේ සිටම පාසල් සිසුන් 2,500 කට අධික පිරිසකට පොත්පත් සහ ලිපිද්‍රව්‍ය බෙදාදීමටද AEN Palm Oil Processing (පුද්.) සමාගම කටයුතු කර තිබේ.

 

 

 

AEN Palm Oil Processing Rallies to Support Vulnerable Schoolchildren With a Community Kitchen Providing Full Meals Daily to 650 Students

One of Sri Lanka’s leading palm oil processors, AEN Palm Oil Processing (Private) Limited, a joint venture between Agalawatte Plantations PLC, Elpitiya Plantations PLC, and Namunukula Plantations PLC, has recently embarked on a humanitarian and social support initiative to feed 650 schoolchildren in the vicinities of its main production facilities. Inspiring the community to come together in the face of adversity, amidst the ongoing food and economic crisis in Sri Lanka, AEN Palm Oil Processing has brought parents and elders of the villages together to man and operate the project, so that it works as a mutual community kitchen.

Commenting on the initiative, Mr. Ruwan Goonewardene, Chief Executive Officer at AEN Palm Oil Processing (Private) Limited said, “With prices of essential foods skyrocketing and food inflation at 90%, we found that our communities were facing severe difficulties in sending their kids to schools. In fact, some had even stopped sending the children to school as they were unable to feed them. As a responsible corporate entity, we believe that it is our responsibility to stand by our communities at this challenging time. Therefore, we have taken immediate steps to set up a community kitchen to provide a full meal, daily, to about 650 schoolchildren in the area. We must ensure that our future generation is protected, nourished, and allowed to grow into responsible citizens that can take Sri Lanka forward. While the situation is regrettable, we are pleased to be able to stand by our communities at this very critical juncture.”

AEN Palm Oil Processing (Private) Limited has committed approximately LKR 1.2 million on an ongoing monthly basis to fund this initiative. The project commenced in October 2022, with the main objective of providing sufficient nutrition to schoolchildren, and encouraging them to attend school. Subsequent to the launch of this initiative, a marked increase in school attendance has also been observed. Other forms of support and care are also being provided for the well-being of schoolchildren and other vulnerable members of the community in the areas where the Company’s palm oil processing plant is located. AEN Palm Oil Processing (Private) Limited also distributes books and stationery to more than 2500 school children, annually, since 2011 as part of the Company’s social development initiatives.

Post Views: 6
Previous Post

අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අදයි

Next Post

උපායමාර්ගීක සැලස්මක ගමන් කළොත් සුබවාදී අනාගතයක් නිර්මාණය කරන්න පුළුවන් – හිටපු ජනපති මහින්ද

editor

editor

Next Post

උපායමාර්ගීක සැලස්මක ගමන් කළොත් සුබවාදී අනාගතයක් නිර්මාණය කරන්න පුළුවන් - හිටපු ජනපති මහින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved