27 April 2024
#දේශීය

උපායමාර්ගීක සැලස්මක ගමන් කළොත් සුබවාදී අනාගතයක් නිර්මාණය කරන්න පුළුවන් – හිටපු ජනපති මහින්ද

උපායමාර්ගීක මාර්ගික සැලස්මක ගමන් කළොත් විතරයි සුබවාදී අනාගතයක් නිර්මාණය කළ හැකි වන්නේ බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවෙ 2023 වසර සඳහා අයවැය සඳහා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

කිසිවිටෙකත් ජනතාව අතහැර තමා පළා නොගිය බව මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කලේය.

මෙවර අයවැය තුළින් නව ආර්ථිකයක් නිර්මාණය කරන බව අයවැයෙන් පෙන්වා දුන් අතර එවැනි ආර්ථිකයක් බිහි කරන්නම් අපි කළ යුතු දිගු කාලීන හා කෙටි කාලීන කටයුතු රැසක් තිබෙන බව රාජපක්ෂ මහතා අනාවරණ කලේය.

එසේම අප තේරුම් ගත යුත්තේ ගෝලීය ආර්ථික හා දේශපාලන ක්‍රියාවලිය යථාර්ථයන් සමඟ බවත් එවැනි උපායමාර්ගීක මාර්ගික සැලස්මක ගමන් කළොත් විතරයි අපිට සුබවාදී අනාගතයක් නිර්මාණය කළ හැකි වන්නේ බවත් එම සා සංශෝධනයන්ට යටත්ව අපි සියලුදෙනාගේ සහයෝගය එයට ලබාදීම වැදගත් බව ඔහු සඳහන් කලේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *