• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසල් ආරම්භ කරන්නේ සැලසුම්සහගත සහ අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් අනුවයි – අධ්‍යාපන ඇමැති

10 January 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හෙට (11) සිට බස්නාහිර පළාතේ සහ හුදකලා කළ ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් 2-13 තෙක් ශ්‍රේණි සඳහා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා අද (10) පැවති මාධ්‍ය හමුවේ කියා සිටියේ රට තුළ පවතින තත්වය හමුවේ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ගත හැකි සියලු පියවර ගනිමින් පාසල් ආරම්භ කිරීමේ තීරණය ගත් බවයි.

මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මෙය අහම්බෙන් ගත් තීරණයක් නොවෙයි. මේක ක්‍රියාත්මක වෙන්නෙ ඉතාමත් ප්‍රවේශමෙන් අපි සකස් කරපු සැලැස්මක් අනුවයි. සම්පූර්ණ සැලැස්මක් පමණක් නොවෙයි. ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධීක්ෂණය කරමින් පියවරෙන් පියවර හරියාකාරව සෑම පාසලක ම ක්‍රියාත්මක වනවාද යන්න වගබලාගැනීමට අපි වැඩපිළිවෙළක් සකස් කරල තියෙනවා. . සෑම පාසලකටම පත් කරල තියෙනවා, විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාසල් කමිටුවක්. මහජන සෞඛ්‍ය පරීක්ෂක, ග්‍රාම නිලධාරී, පොලිස් පරීක්ෂක, ආදිශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙක්, පාසල් සංවර්ධන කමිටුවේ නියෝජිතයෙක්, මේ අයට වගකීම් ඉතාමත් පැහැදිලිව අපි භාර දීලා තියෙනවා. ඒ වගකීම් ඉටු කෙරෙන ආකාරය මට්ටමෙන් මට්ටමට සොයා බැලීමට විධිමත් පියවර අරගෙන තිබෙනවා. සියලු කලාප අධ්‍යක්ෂකවරුන්, පළාත් අධ්‍යක්ෂවරුන් ඇතුළු සියලු දෙනාම මේ වැඩපිළිවෙළට සම්බන්ධයි. මෙම අංග සම්පූර්ණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සියලු දෙමව්පියන් ගුරුවරුන්, විදුහල්පතිවරුන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මඟින් පසුගිය දින කිහිපය මුළුල්ලේ දැනුවත් කරන ලද බවත්, පසුගිය බදාදා දින සිට අද වන තෙක් පාසල්වල මේ සම්බන්ධයෙන් ගුරු දෙගුරු සාකච්ඡා පැවැත්වීමට ද,, ඒ ඒ පාසල්වලට අනන්‍ය වූ කිසියම් අඩුපාඩුවක්, ගැටළුවක් වේ නම් සාකච්ඡා කර විසඳුම් සපයා ගැනීමට ද උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

පවතින තත්වයන් හමුවේ පාසල් සිසුන් ප්‍රවාහනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සුවිශේෂී අවධානය යොමු කරන ලද බව ද, විශේෂයෙන් ම ලංගම, දුම්රිය දෙපාර්තමේන්තුව, සහ පාසල් වෑන් රථ සංගම් ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයේ සියලු නිලධාරීන් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සාකච්ඡාකර එකඟතාවන්ට එළඹි බව ද, පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා, පාසල් වෙත පැමිණෙන දරුවන්ගේ පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධ ව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය නිලධාරීන් සමඟ පමණක් නොව, වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ මහාචාර්යවරුන් රැසක් සමඟ ද සාකච්ඡා වට ගණනාවක් ම පවත්වන ලද බව ද පෙන්වා දුන්නේ ය.

ඉතා විධිමත් සැලසුම්සහගත වැඩපිළිවෙළක් අනුව දරුවන්ගේ අධ්‍යාපනය මඟ නොහැරී ක්‍රියාවට නැංවීමේ ප්‍රමුඛ පර්මාර්ථය පෙරදැරිව මෙම තීරණය ක්‍රියාවට නංවනු ලබන අතර, දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ මේ වනවිටත් දැනුවත් ව ඇති සියලු උපදෙස් අකුරටම පිළිපදිමින්, දරුවන් පාසල් වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් කලාප ,කොට්ඨාස සහ පාසල් මට්ටමින් ක්‍රියාත්මක වන ආකාරය අධීක්ෂණය කිරීම සහ පළාත් මට්ටමින් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම ඒ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ මීට සමගාමී ව අද දින සූම්(Zoom) තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් පවත් වන ලදී. ඒ සඳහා අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ,අධ්‍යාපන අතිරේක ලේකම් ඩී ධර්මසේන ,සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වරුන්, පුද්ගලික ලේකම් නලීන් ගම්ලත්, මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ..

 

Post Views: 5
Previous Post

EPF ගන්න කොළඹ එන්න එපා – කම්කරු කොමසාරිස් ජනරාල් කියයි

Next Post

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 50,000 ආසන්නයේ

editor

editor

Next Post

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 50,000 ආසන්නයේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved