• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

SDF සහ HAHL දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

11 January 2023
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංවර්ධන මූල්‍ය සමාගම වන සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම (Sarvodaya Development Finance PLC- SDF), මෙරට ප්‍රමුඛතම කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සපයන සමාගමක් වන හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් (Hayleys Agriculture Holdings Limited – HAHL) සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය.

කුබෝටා සහ ඊ-කුබෝටා ට්‍රැක්ටර්, කුබෝටා කම්බයින්ඩ් ගොයම් කපන යන්ත්‍ර සහ ඇග්‍රොටෙක් කම්බයින්ඩ් ගොයම් කපන යන්ත්‍ර සඳහා මූල්‍ය පහසුකම් සැපයීම මෙම ගිවිසුමෙහි ප්‍රධාන අරමුණ වේ. මෙය, ග්‍රාමීය ප්‍රජාවන් සවිබල ගැන්වීම සඳහා SDF දරන උත්සාහය සහ රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා හේලීස් ලබා දෙන දායකත්වය එක්තැන් කරන පියවරක් වනු ඇත.

මෙම හවුල්කාරීත්වය මගින් කෘෂිකර්මාන්තය නඟා සිටුවීමෙන්, ග්‍රාමීය ප්‍රදේශ ඇතුළුව සමස්ත ශ්‍රී ලංකාවේම ජනතාවට ආර්ථික සංවර්ධනය උදෙසා අවස්ථා රාශියක් උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ යටතේ ගැනුම්කරුවන්ට සිය යන්ත්‍රෝපකරණ සඳහා අදාළ මූලික ගෙවීම් වෙනුවෙන් විශේෂ වට්ටම් සමඟ ආකර්ෂණීය පොළී අනුපාත යටතේ මූල්‍ය පහසුකම් හිමිවන අතර, එය සමාජයේ සියලුම තලවල ජනතාවට ප්‍රතිලාභ සලසන පියවරක් වනු ඇත. මීට අමතරව, අදාළ යන්ත්‍රෝපකරණවල ප්‍රථම වර්ෂයේ රක්ෂණය නොමිලේ ලබාදීමටද SDF පියවර ගෙන තිබේ.

රටේ කෘෂිකර්මාන්තය මේ මොහොතේ අභියෝග රාශියකට මුහුණ දෙමින් පැවතියද, SDF හි කෘෂිකර්මාන්තය සඳහා ලබා දී ඇති මූල්‍ය සේවාවන් පසුගිය මාස කිහිපය තුල පැහැදිලි ප්‍රගතියක් වාර්තා කර ඇත. මෙමගින් රටෙහි පවතින ආර්ථික අර්බුදයටද විසඳුමක් සැපයෙනු ඇත. මූල්‍ය සමාගම්හි ඒකාකාරී සීමාවන්ගෙන් ඔබ්බට යමින්, SDF අනුගමනය කරමින් සිටින විකල්ප ආර්ථික මාදිලිය තුලින් ගනුදෙනුකරුවන්ට, මූල්‍ය සහයෝගය පමණක් නොව තාක්ෂණික සහයන් ඇතුළුව තවත් ප්‍රතිලාභ රාශියක් හිමි වේ. SDF හි ශක්තීන් යොදා ගනිමින් මෙම මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට SDF සමත් වී ඇති අතර, එමඟින් රට පුරා සිටින ග්‍රාමීය ප්‍රජාවන්ට විශාල වශයෙන් ප්‍රතිලාභ හිමි වී ඇත.

“මෙම හවුල්කාරීත්වය ශ්‍රී ලාංකීය ග්‍රාමීය ප්‍රජාවගේ දියුණුවට උපකාරී වනු ඇතැයි කියා අප සිතනවා. මෙය රටේ කෘෂිකර්මාන්තයේ පුනර්ජීවනයට මෙන්ම එහි පරිවර්තනයක් සිදුකිරීමට ද දායක වේවි. රටේ දියුණුව උදෙසා ඉදිරියටත් මෙවැනි හවුල්කාරීත්වයන් හා ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට අප බලාපොරොත්තු වෙනවා.” සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා තවදුරටත් අදහස් දැක්වී ය.

“රටේ ප්‍රමුඛතම කෘෂි යන්ත්‍රෝපකරණ සැපයුම්කරු වශයෙන් මේ ආකාරයට සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම සමග හවුල්කාරීත්වයකට එළඹෙමින්, පාරිභෝගිකයන්ට විශිෂ්ට මට්ටමේ මූල්‍ය විසඳුම් පිරිනැමීමට හැකි වීම අපට මහත් සතුටක්.

ලොව විශිෂ්ටතම කෘෂි යන්ත්‍රෝපකරණ මෙරටට හඳුන්වා දීම සම්බන්ධයෙන් අප විශාල කීර්තියක් දිනා සිටිනවා. වසර ගණනක් පුරාවට කෘෂිකර්මාන්තය වඩාත් කාර්යක්ෂම කිරීමටත් එහි ඵලදායිතාව ඉහළ නැංවීමටත් නව තාක්‍ෂණයන් හඳුන්වා දීමට අප ආයතනය කටයුතු කළා. ජපානයේ ‘Kubota Corporation’ සහ චීනයේ ‘Zoomlion Agri Machinery’ වැනි ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් සමග අප පවත්වාගෙන යන හවුල්කාරීත්වයන් තුළින්, දශකයක් පුරා නවතම කෘෂි තාක්ෂණයන් හඳුන්වා දෙමින් මෙරට කෘෂිකර්මාන්තය පරිවර්තනයකට ලක්කිරීමට දායක වී තිබෙනවා.” හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා ජයන්ති ධර්මසේන මහත්මිය පැවසුවා ය.

 

 

 

Post Views: 21
Previous Post

සුළු ජාතීන්ගේ ගැටළු විසදන්න ජනපති තීරණය කරයි

Next Post

පසුගිය මාසේ රජයේ සේවකයින්ට පඩි ගෙව්වේ පොහොර විකුණපු සල්ලිවලින් – ඇමැති අමරවීර

editor

editor

Next Post

පසුගිය මාසේ රජයේ සේවකයින්ට පඩි ගෙව්වේ පොහොර විකුණපු සල්ලිවලින් - ඇමැති අමරවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

5 September 2025
Google ඇණ හිටියි

Google ඇණ හිටියි

4 September 2025

Recent News

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

5 September 2025
Google ඇණ හිටියි

Google ඇණ හිටියි

4 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved