• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පසුගිය මාසේ රජයේ සේවකයින්ට පඩි ගෙව්වේ පොහොර විකුණපු සල්ලිවලින් – ඇමැති අමරවීර

11 January 2023
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය යල කන්නයේ දී හා මෙවර මහ කන්නයේ දී යුරියා පොහොර හා අනෙකුත් පොහොර අලෙවි කිරීම මගින් රුපියල් බිලියන 10.05ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් උපයා තිබේ.

එම මුදල් මහා භාණ්ඩාගාරය වෙත යොමු කරන ලද අතර පසුගිය දෙසැම්බර් මාසයේ දී රාජ්‍ය සේවකයින් සඳහා නියමිත වැටුප් ගෙවීම සඳහා එම මුදල්වලින් කොටසක් භාවිතා කිරීමට රජයට සිදු වූ බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දීය. 2023 වසර සදහා අයවැය ලේඛනයෙන් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් සිදු කරන කෘෂිකාර්මික ව්‍යාපෘති පිළිබඳ සමාලෝචන රැස්වීමක් මෙහිදී පැවැත්විනි.

රජය විසින් පසුගිය අතුරු අයවැය ලේඛනයෙන් යම් යම් මුල්‍ය ප්‍රතිපාදනයන් අමාත්‍යාංශවල කටයුතු වෙනුවෙන් වෙන් කළත් සමස්ත මුදල් ප්‍රමාණය ලබා දීමට ආර්ථික අර්බුදය නිසා නොහැකි විය. එමෙන්ම 2023 වසර සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට රුපියල් බිලියන 115ක මුදලක් වෙන් කර ඇතත් ආර්ථික අර්බුදය නිසා අමාත්‍යාංශ වෙත ලබා දීමට නියමිත මුදල්වලින් සියයට 05ක් කපා හැරීමට තීරණය කර තිබීම නිසා ඇතැම් ව්‍යාපෘති සඳහා වෙන් කර තිබෙන මුදල් ප්‍රතිපාදන අඩු විය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙවර මාස් කන්නයේ වී අස්වනු නෙලීම ලබන සතිය අවසන් වනවිට ඇතැම් ප්‍රදේශවල ආරම්භ වන බැවින් වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10කවත් මුදලක් අවශ්‍ය වනු ඇතැයි ද අමාත්‍යවරයා කීවේය. අදාල මුදල් ලබා දෙන ලෙස ඉල්ලා තමන් අමාත්‍ය මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත්, එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව බොහෝ දුරට ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක් සහභාගි වී සිටියහ.

Post Views: 15
Previous Post

SDF සහ HAHL දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

Next Post

එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරිය ජනපති හමු වෙයි

editor

editor

Next Post

එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරිය ජනපති හමු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
TekGeeks සහ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට  BestWeb.LK 2026  සම්මාන දෙකක්

TekGeeks සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට BestWeb.LK 2026 සම්මාන දෙකක්

3 September 2026
Port City Colombo හි  Central Park Boulevard  ව්‍යාපෘතියේ  60%ක piling වැඩ අවසන්

Port City Colombo හි Central Park Boulevard ව්‍යාපෘතියේ 60%ක piling වැඩ අවසන්

3 September 2026
තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට  විජේගෙන්  දැවැන්ත සැලසුමක්

තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට විජේගෙන් දැවැන්ත සැලසුමක්

3 September 2026
22 වැනි සංශෝධනයට එරෙහි  පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

4 September 2026
American Premium Waterට  සම්මාන 4ක්!

American Premium Waterට සම්මාන 4ක්!

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved