ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ අලුතින් පත් වූ ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෆූ ෂියාඕ (FU Xiao) මහතා ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා හමුවී තිබේ.
මෙම නිල හමුවේදී ආරක්ෂක ලේකම්වරයා සහ චීන ආරක්ෂක උපදේශකවරයා අතර දෙරටේ ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙන්ම, කලාපීය වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ආරක්ෂක කරුණු පිළිබඳව ද සුහද සහ දීර්ඝ සාකච්ඡාවක පියවර තබා ඇත.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශකවරයා මෙන්ම නාවික ආරක්ෂක උපදේශකවරයා ද එක්ව සිටියහ.
















