ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි මදනපල්ලේ (Madanapalle) ගම්මානයක පදිංචි 7 හැවිරිදි දැරියක ඇයගේ අසල්වැසියෙකු විසින් දූෂණය කර මරා දැමීමේ අතිශය කම්පන සහගත පුවතක් වාර්තා වේ. සැකකරුගේ නිවසේ තිබී දැරියගේ සිරුර ඊයේ (17) සොයා ගැනීමත් සමඟ මෙම අපරාධය අනාවරණය විය.
පසුගිය සඳුදා පස්වරු 4.00ට පමණ දැරිය අතුරුදහන් වී ඇති අතර, ඒ පිළිබඳව පවුලේ අය කළ පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. අවට සවිකර තිබූ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී දැරිය අසල්වැසි නිවසකට යන ආකාරය දක්නට ලැබුණු අතර, පසුව සිදුකළ සෝදිසි කිරීමකදී ඇයගේ සිරුර එම නිවසේ තිබූ ජලය පිරවූ ප්ලාස්ටික් බැරලයක් (Drum) තුළ සඟවා තිබියදී හමුවිය.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව දැරිය ලිංගික අපයෝජනයට ලක්ව ඇති අතර, ඇය මියගොස් ඇත්තේ දියේ ගිල්වීමෙන් බව තහවුරු වී ඇත. මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් අතර, ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් සැකකරුගේ නිවස වටලා ඔහුට එරෙහිව දැඩි දඬුවම් ඉල්ලා විරෝධය පළ කළහ. තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.
අපරාධය සිදු කළ සැකකරු හඳුනාගෙන ඇති අතර, දේශපාලන අරමුණු සහිත ඇතැම් පිරිස් මෙම සිදුවීම ප්‍රයෝජනයට ගනිමින් ප්‍රචණ්ඩත්වය උසිගැන්වීමට උත්සාහ කරන බවට ද පොලිසිය අනතුරු අඟවයි. නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා අමතර පොලිස් කණ්ඩායම් එම ප්‍රදේශයට යොමු කර ඇත.















