• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

සෙලාන් බැංකුව කාන්තා ව්‍යවසායිකාවන් වෙනුවෙන් අන්තර්ජාල වැඩමුළුවක් සංවිධානය කරයි

25 February 2022
in ව්‍යාපාර
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ගෝලීය වසංගත තත්ත්වය හමුවේ උදා වී ඇති නව ව්‍යාපාර අවස්ථා මෙන්ම ව්‍යාපාරකරණය තුළ මතුවන ප්‍රායෝගික ගැටලු පිළිබඳ කාන්තා ව්‍යවසායිකාවන් දැනුවත් කිරීමේ අරමුණින් 2022 මාර්තු 6 වැනිදා පස්වරු 4 සිට 5.30 දක්වා විශේෂ අන්තර්ජාල වැඩමුළුවක් සංවිධානය කිරීමට, සුහද හදක් ඇති දේශීය බැංකුව වන, සෙලාන් බැංකුව පියවර ගෙන තිබේ.

ලංකා වාණිජ මණ්ඩලය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කේන්ද්‍රය හා එක්ව ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධානය කරනු ලබන මෙම වෙබ් සම්මන්ත්‍රණයේදී කාන්තා ව්‍යවසායිකාවන්ට වැදගත්වන මාතෘකා ගණනාවක් යටතේ පුළුල් වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත ය.

ව්‍යවසායකත්වය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම යනුවෙන් නම්කර ඇති මෙම අන්තර්ජාල වැඩමුළුවට, සෙලීන් ආයතනයේ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී සෙලීනා පීරිස්, ගෝල්ඩන් ස්ටාර් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා නාමලී වික්‍රම, කිඹුලා කිතුල් ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී චංචලා ගුණවර්ධන, හඳුන් විලාස් ඇන්ඩ් රෙස්ටොරන්ට්ස්හි විධායක අධ්‍යක්ෂිකා නයෝමි හඳුන්නෙත්ති සහ සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ශාඛා ණය, ප්‍රබෝධා රාජපක්ෂ යන මහත්මීහු සම්පත් දායිකාවෝ ලෙස එක්වෙති.

දේශීය ව්‍යවසායකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නිබඳ කැපවන සෙලාන් බැංකුව, කාන්තා ව්‍යවසායිකයින් සවිබල ගැන්වීම තුළින් සමස්ත ආර්ථික සංවර්ධනයක් අත්කරගත හැකි බවට විශ්වාසය තබන දේශීය බැංකුවකි. එමෙන්ම ඔවුන්ගේ සාර්ථකත්වයේ ගමනට මඟපෙන්වමින් ඔවුන්ට අත්වැලක් සැපයීමට ද සෙලාන් බැංකුව ඉදිරිපත්ව සිටියි. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මෙබඳු හරවත් සහ ප්‍රයෝජනවත් වෙබ් සම්මන්ත්‍රණයක් සංවිධාන කිරීමට තීරණය කර ඇත්තේ ද එබැවිනි.

කොවිඩ් කාලසීමාවෙන් පසු උදාවී ඇති නව ව්‍යවසාය අවස්ථා පිළිබඳ කාන්තාවන්ට පුළුල් අවබෝධයක් පිරිනමන අතරතුර, ව්‍යවසාය කටයුතු කළමනාකරණය කරගැනීම පිළිබඳ ද ඔවුන්ට වැදගත්වන ප්‍රායෝගික තොරතුරු රැසක් මෙම වෙබ් සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කෙරෙනු ඇත.

මෙම අන්තර්ජාල වැඩමුළුවට ලියාපදිංචි වීම සඳහා ඔබේ නම සහ දුරකතන අංකය [email protected] වෙත යොමු කරන්න. නැතහොත්, පහත QR කේතය ස්කෑන් කරන්න. වැඩි විස්තර සඳහා 011 200 88 88 අමතන්න.

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, සීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. සීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුණු පාරිභෝගික සේවා සැපයුම් ස්ථාන 540 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම් සෙලාන් බැංකුවේ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ‘A’(lka) ලෙස සංශෝධනය කරමින් එම බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත, මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීමද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.

 

පිටපත -PR

Post Views: 10
Previous Post

කුසලතා සහ තාක්ෂණික දැනුම ලබා දෙමින් වෘත්තීය අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරනවා – රාජ්‍ය ඇමැතිනි සිතා

Next Post

“සිනමා ජාතික ප්‍රතිපත්තිය”අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වයි

editor

editor

Next Post

“සිනමා ජාතික ප්‍රතිපත්තිය”අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved